IMG-LOGO

සංචාරකයන් 39,000 ක් පසුගිය සති දෙකේ ඇවිල්ලා

(යොහාන් භාසුර)

මෙම වසරේ මුල් දෙසතිය තුළ සංචාරකයන් 39,172 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඉන් 6,963 ක් රුසියානු සංචාරකයන් බවත් සංචාරක අමාත්‍ය  ප්‍රසසන්න රණතුංග මහතා පැවසීය.

කොවිඩ් වසංගතය පැවති පසුගිය වසරක කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන් 1,94,495 ක් ශ්‍රී ලංකාවට පැමිණී බව කී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒ අනුව පසුගිය මාස තුනේදී පමණක් සංචාරකයන් 156,571 පැමිණ ඇති බව ද සඳහන් කළේය,

රුසියාවට අමතරව ඉන්දියාව, යුක්රේනය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, මාලදිවයින, ඕස්ටේ්‍රලියාව, පෝලන්තය සහ ඇමරිකාව වැනි රටවලින් වැඩි සංචාරකයන් පිරිසක් පසුගිය ෂති දෙක තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් සංචාක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය ඉලක්ක කරමින් රුසියාව, යුක්රේනය, එංගලන්තය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ බවත් අමාත්‍යවරයා කීය.

සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීමත් සමග එම ක්ෂේත්‍රයේ නිරතවූවන් මුහුණ පා සිටින ගැටළුවලට ද  කිසියම් සහනයක් ලැබෙමින් තිබෙන බව පැවසූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ නංවාගැනීම සදහා රජය ගතහැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බව ද කීය. 



අදහස් (6)

සංචාරකයන් 39,000 ක් පසුගිය සති දෙකේ ඇවිල්ලා

යෝගා Monday, 17 January 2022 03:06 PM

ඔය එන සංචාරකයන්ට මූලික පොදු පහසුකම්වත් සලසන්න. විශේෂයෙන් පොදු ස්ථානවල වැසිකිලි පහසුකම්.

:       0       0

Shan Monday, 17 January 2022 03:28 PM

මොන පියවර ගත්තත් ආපු එකා නැවත එන්නේ නැහැ. එයාර් පෝට් එකේ තියෙන දසවදය නිසා මිනිස්සුන්ට රටම එපාවෙලා. බොරු ටෝක් දිදී ඉන්නේ. පුදුම කට්ටක් කන්නේ ජනතාව...

:       0       0

sene Monday, 17 January 2022 03:38 PM

බෙන්තොට තරු පන්තියේ ප්‍රධාන සංචාරක හෝටලයක සේවකයින් 32ට සහ සංචාරයට පැමිණි විදෙස් සංචාරකයන් තිදෙනෙක් ඇතුළු තිස් පස් දෙනකු කොරෝනා ආසාධිතයින් බව හඳුනා හඳුනාගෙන ඇතැයි බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද තහවුරු කළේය.

:       0       0

Shan Monday, 17 January 2022 04:14 PM

මෙයා කරන්නේ හැම දාම එන සුද්දෝ ටික ගැන ගැන ඉන්න එක විතරයි .අර බලෙන් අල්ලාගෙන ඉන්න අපේ ඉඩම ආපහු කියන්නේ නැතුව

:       0       0

Perera Tuesday, 18 January 2022 12:00 AM

ඒ අයගෙන් කී දෙනෙක් විදෙස් පුරවැසි භාවය ලැබූ විදෙස් ගමන් බලපත් වලින් රටට ඇතුළු වූ අපේම ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ‘‘විදේශිකයින්ද‘‘?

:       0       0

Lionel Tuesday, 18 January 2022 12:39 AM

මෙයා ඇත්ත කියන කෙනෙක් නෙවෙයි.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 95 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1021 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site