IMG-LOGO

සචිත්‍ර රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියකදී තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ෂන පොලිස් ඒකකය අත්අඩංගුවට ගත් හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතා ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය.

සැකකරු ඇප මතමුදාහැරිය හොත් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරීමේ ඇති හැකියාව හේතුවෙන් ඇප පනතේ 14 (1)(2) වගන්ති ප්‍රකාරව ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

සැකකරුගේ හඬ පරීක්ෂාවක් සඳහා ලබන 13 වැනිදා පෙරවරු 9.00ට රජයේ රස පරික්ෂකවරයා වෙත සැකකරු ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා මෙහිදී බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ වින්දිත ක්‍රිඩකයින් දෙදෙනාට විදෙස් ජාතිකයන් දෙදෙනකු යැයි කියන ‘ෂර්බි’ සහ ‘ශ්ලේඩ්’ යන අයවලුන් දෙදෙනකු වට්ස්අප් මගින් අමතා ඇති අතර, එම නම් දෙකකින් කතා කර ඇත්තේ ‘ජාත්‍යන්තර බුකීකරුවකු’ බවට හඳුනාගෙන ඇති බවත් මෙම සැකකරු ඔවුන්ගේ ‘ශ්‍රී ලාංකික නියෝජිතයා’ බවත් පැමිණීල්ල වෙනුවෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම තරඟ පාවාදීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයට මේ රටේ නමගිය තවත් ප්‍රබල පුද්ගලයන් රාශියක් සම්බන්ධව ඇති බවට මේ වන විට කරුණු හෙළිවී ඇති බවත්, ඉදිරියේදී ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනයේදී තොරතුරු හෙලිකරනු ලබන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (1)

සචිත්‍ර රිමාන්ඩ්

Bunny Preena Thursday, 07 September 2023 01:39 PM

අධික තන්හාව ශෝකය සහ නින්දාව ගෙන දෙයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 785 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site