IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


සැඟවූ රන් සෙවූ 6ක් අත්අඩංගුවට

(   සිතුම් චතුරංග)

එල්.ටි.ටි.ඊ සංවිධාන විසින් සඟවා තිබෙන රත්තරන් සෙවීම සඳහා භූගත වස්තූන් නිරීක්ෂණය කරන ස්කෑනර් යන්ත්‍රයකින් පරීක්ෂා කරමින් සිටි පුද්ගලයින් 6ක් කිලිනොච්චිය, රාමනාදපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ධර්මපුරම් පොලිසිය කියයි.

යුද හමුදා බුද්ධි නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව පොලිසිය හා එක්ව සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

සැකකරුවන් මහනුවර,දිගන හා යාපනය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30ත් 40ත් අතර වයසේ පසුවන්නෝ වෙති.

සැකකරුවන් සතුව තිබි නවීන ස්කෑනර් යන්ත්‍රයට අමතරව වෑන් රථයක් හා යතුරුපැදියක් ඇතුළු උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන්ගෙන් සිව්දෙනකු මහනුවර දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් බවත් පොලිසිය පැවසීය.

යුද සමයේ පලායන ත්‍රස්තවාදීන් සැකකරුවන් පරීක්ෂාකළ ස්ථානයෙ රත්තරන් වළදමා ඇති බවට හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයකු ලබාදුන් තොරතුරක් මත භූගත වස්තු පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයෙන් පරීක්ෂාකොට කැණීම් කිරීමට සූදානම්ව සිටි බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.

කැණිම් කිරීමට සූදානම්ව සිටි ස්ථානයේ එක් ස්ථානයක් සැකකරුවන් කැණිම් කොට ඇති බවත් පොලිසිය පැවසීය.



අදහස් (0)

සැඟවූ රන් සෙවූ 6ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site