(ඩයනා උදයංගනී)
දැන වැඩවර්ජනයක නිරතව සිටින වෘත්තීය සංගම් ඉදිරිපත් කළ කරුණු සලකා බලා ලබාදීය හැකි විසඳුම් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ඔවුන් ඉදිරිපත් කරන ඇතැම් ඉල්ලීම් සඳහා කඩිනම් විසඳුම් ලබාදිය හැකි බවත්, එසේ විසඳුම් ලබාදිය හැකි කරුණු සම්බන්ධයෙන් අද (8) පැවති සාකච්ඡාවේදී එකඟතාවයට එළඹි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වන විට වැඩවර්ජනයක නිරතව සිටින හෙද, අතුරුවෛද්‍ය හා පරිපූරක සේවාවන්හි වෘත්තීය සංගම් කිහිපයක් සහ අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (8) පැවැත්විණි.
එහිදී මෙම වෘත්තීය සංගම් ඉදිරිපත් කළ ඇතැම් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සති දෙකක පමණ කාලයක් අවශ්‍ය බවත්, ඇතැම් කරුණු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
සෞඛ්‍ය සේවාවේ සෑම වෘත්තියක්ම අතිශය වැදගත් බව කී ඇමතිවරයා එහි එක් එක් වෘත්තීන් විශේෂත්වයෙන් ගෙන ක්‍රියා නොකරන බවත්, සෑම වෘත්තියකම වටිනාකම ඉහළින් අගය කරන බවත් කීවේය.
රටෙහි පවතින තත්ත්වය මත මේ මොහොතේ ඇතැම් ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම අපහසු අතර විවිධ ක්ෂේත්‍ර සඳහා නව තනතුරු ඇතිකිරීම වැනි කටයුතු මෙම වසර තුළ සිදු නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සෞඛ්‍ය සේවක ගැටලුවලට විසඳුම් දෙන්න සූදානම්
අප්පුහාමි Wednesday, 09 February 2022 06:50 AM
ඇමතිතුමෝ මේ ප්‍රශ්නය ඇතිවුණේ 2006 වැටුප් කමිටුවේ වැටුප් නිර්දේශ නිසා ඉන් පස්සෙ වරින්වර එක් එක් සේවාවක් සදහා විටින් විට වැටුප් වැඩිකිරීම නිසා තව තවත් විෂමතා වැඩිවුනා සමහර අයට පුද්ගලික වනසේ විෂමතා ඉවත්කලේ ගැටලු තිබෙන සේවය වෙනුවෙන් නොවෙයි එක් එක් අයට පුද්ගලික වන ලෙසටයි.රාජකාරි අඩුවෙන් කරන පිරිස් වල අයට අභියාචනා කරන්න අවස්ථාව තිබුනත් රාජකාරි අධිකව සිටි අයට අභියාචනා කරන්න අවස්ථාව නැතිවුණා පැවති රජයන් වුනත් මේ ගැටලු විසදුවේ නැත්තෙ ගැටුම් ඇතිවිට පාලනය පහසුනිසා.එනිසා ඇමතිතුමෝ ඔබතුමාවත් ඉදිරිපත් වෙලා 2006 ඇතිකල වැටුප් විෂමතා සියලු සේවාවන් වෙනුවෙන් නිවැරදි කිරීමට පියවර ගන්න