IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


‘සෞඛ්‍ය වැඩවර්ජනය ජාතික අපරාධයකටත් එහා ගිය එකක්‘

(යොහාන් භාසුර)

සෞඛ්‍ය වෘත්තිය සමිති ක්‍රියාත්මක කරන වැඩවර්ජන ජාතික අපරාධයකටත් එහා ගිය එකක් බවත් රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා සංවිධානාත්මක කටයුතු කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා අද (7) පැවසීය.

මෙම වැඩවර්ජන ජාතික අපරාධයක් ලෙස අර්ථකතනය කිරීම සැහැල්ලු වැඩි මෙන්ම රාජ්‍ය සේවය පුද්ගලීකරණය කිරීමට කාලය පැමිණ ඇති බව කී වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා ගෑස් ප්‍රශ්නය, විදුලිබල ප්‍රශ්නය සහ බඩුමිල ඉහළ යෑම ආදි ප්‍රශ්න වැලකින් දුක්විදින ශ්‍රී ලංකාවේ ජනතාව සෞඛ්‍ය වර්ජන හේතුවෙන්  තව දුරටත් දුකට පත්කිරීම හෙළාදකින බව ද සඳහන් කළේය.

සෞඛ්‍ය සේවකයන් ගිය මස වැඩවර්ජනයක් කර මේ මාසයේ ද වැඩවරිජනය කිරීම කාල කාදැමීමක් මෙන්ම වැඩ වර්ජන විලාසිතාවක් බවට පත්කරගනෙ ඇති බවත් මහජනතාව බිල්ලට දී වැඩවර්ජන කිරීම විද්වතුන්ගේ වෘත්තිය සමිතිය සමිතිවලින් බලාපොරොත්තු විය නොහැකි බවත් වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා කීය.

කම්කරු සහ විද්වතුන්ගේ වෘත්තිය සමිති අතර පැහැදිළිවම වෙනසක් තිබිය යුතු බව කී වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ල මහතා සඳහන් කළේ සෞඛ්‍ය සේවයේ වෘත්තිය සමිති නායකයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යෑමේ බලාපොරොත්තුවෙන් ජනතාව අපහසුතාවට පත්කරන බවත්ය.

රජය සහ විපක්‍ෂය යන දෙපාර්ශවයම එකතුව දේශපාලනය ඉවත දමා සර්වපාක්‍ෂික සමුළුවක් කැදවලා සෞඛ්‍ය වැඩවර්ජන හේතුවෙන් ජනතාව අපහසුතාවට පත්වීම පිළිබඳව තීරණයක් ගතයුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා වැඩි දුරටත් කීය.

සෞඛ්‍ය වෘත්තිය සමිති කීපයක් එකතුව අද (7) ආරම්භ කළ වැඩවර්ජනයට විරෝධය දැක්වීම සඳහා ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා එසේ පැවසීය. 



අදහස් (11)

‘සෞඛ්‍ය වැඩවර්ජනය ජාතික අපරාධයකටත් එහා ගිය එකක්‘

sena Monday, 07 February 2022 03:38 PM

ඉතින් වෛද්‍යවරුත් වැඩ වර්ජන කරනවනේ...

:       10       12

RuwanMonday, 07 February 2022 04:22 PM

බෙල්ලන මහතා පසුගිය වෛද්‍ය වර්ජනය දැඩි ලෙස විවේචනය කළා මතක නැද්ද?

:       0       9

කිරි පුතා Monday, 07 February 2022 04:13 PM

අසූගණන් වලා ජේ.ආර්. මහතා බැරිම තැන තමයි දුම්රිය සේවකයින්ට ලස්සන දඬුවමක් දුන්නේ... ඒ වගේ දඬුවමක් මෙයාලාටත් දුන්නා නම් මේ පිස්සුව සනීප වෙයි. නැත්නම් මේ වගේ දේවල්වල කෙළවරක් නෑ.

:       1       9

fairoos Monday, 07 February 2022 04:23 PM

මෙතුමාගේ කණගාටුව... ජනතාව අපහසුතාවයට පත්වන එකට වඩා ආණ්ඩුව සහ සර් අපහසුතාවයට පත්වන එකට...

:       6       10

පැරකුම් Monday, 07 February 2022 04:37 PM

සාකච්ඡා ක්‍රියාමාර්ගයකින් පසු නිසි අවසරයකින් තොරව වැඩ වර්ජන කිරීම නීතිවිරෝධී බවට නීති පැනවිය යුතුයි...

:       2       9

uk ran Monday, 07 February 2022 05:03 PM

ජනතාවගෙන් පඩි අරන් ජනතාවටම කෙළින කාලකණ්ණි.. ඔය මිනිස්සුන්ට දුටු තැන ගල්ගහන්න ඕනෑ. අහිංසක මිනිස්සු තමයි දුක් විඳින්නේ.. ඔය ජවිපෙ, සමගි ජනබල, එජාප කඩාකප්පල් කාරී වැඩ...

:       5       12

senaMonday, 07 February 2022 05:33 PM

එතකොට කළින් ආණ්ඩුව කාලේ ස්ට්‍රයික් කළේ පොහොට්ටුව කියලද? 

:       5       5

විපරමා Monday, 07 February 2022 07:40 PM

මේ දේවල් වලින් වඩාත් අසරණ වෙන්නේ ලෙඩ්ඩු... මානුෂිකව හිතන්ඩ බැරී ඇයි? ලෙඩ්ඩු බිල්ලට දීලා වැඩ වර්ජන කරන රටක් ලෝකේ කොහේවත් නැතුව ඇති...

:       1       6

Bandara Monday, 07 February 2022 10:43 PM

ලංකාවේ වෛද්‍ය සේවය ඒකාධිපති මාෆියාවක් .වෙන කිසිඳු රටක එවැනි දෙයක් නැහැ .බල ලෝබය ,තරාතිරම ආරක්ෂා කරගන්නවා විතරයි .මිනිස්සුත් දෙවිවරු කියලා පුදනවා

:       0       0

Chandra Monday, 07 February 2022 11:13 PM

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පාසැල් කාලයත් හරිම කඩාකප්පල්කාරී කාලයක්. අනුන්ව ඉස්සරහටදාල මිනිහ බඩපුරව ගන්නව​. හරිම ආත්මාර්ථකාමියා.

:       0       0

Shan Tuesday, 08 February 2022 02:16 AM

මේවාද මනුස්සයෝ ජාතික අපරාධ? මේ අද ඉපදුන අපතයෙක් ද කොහෙද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site