
(උපාලි ආනන්ද)
අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටි අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය අද (13) නියෝග කළාය.
රුපියල් ලක්ෂ දෙකක් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත සැකකාර අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය ඇප තැබීමෙන් අනතුරුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළකාලමින් නියෝගයක් නිකුත් කළ අතර සැකකරුගේ විදෙස් ගමන් බලපත්‍රයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළාය.
අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 05 වැනිදා සැකපිට අත්අඩංගුවට ගත් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා රිමාන්ඩ් බාරයට පත්කර සිටි අතර සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
සැකකාර සංජීව මහනාම මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපාලි ජයමාන්න මහතා කරුණ දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කළ විමර්ශන වලදී තම සේවාදායකයා ඊට සම්බන්ධ බවට කිසිදු කරුණක් අනාවරණ වුණාද? යනුවෙන් රහස් පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.
මෙම වෙඩි තැබීමේ සිද්ධියට තම සේවාදායකයා සම්බන්ධ බවට කිසිදු කරුණක් අනාවරණයවී නැති පසුබිමක මෙම වෙඩි තැබීමේ සිද්ධියට ඔහු සැකකරුවකු ලෙස නම් කලේ කෙසේදැ? යනුවෙන් ප්‍රශ්න කළ නීතිඥ උපාලි ජයමාන්න මහතා මෙම සිද්ධියෙන් තමා ඝාතනය කිරීමට උත්සහ කල බවට සහ තම මෝටර් රථයට හානි වූ බවට උද්දික ප්‍රේමරත්න පැමිණිලි කර නැතැයිද එවන් පසුබිමක තම සේවාදායකයාට එරෙහිව මිනී මැරුම් සහ අනර්ථය කිරීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනා එල්ල කරන්නේ කෙසේදැයි වැඩිදරටත් ප්‍රශ්න කළේය.
තම සේවාදායකයාගේ රාජකාරි පිස්තෝලයෙන් වෙඩි උන්ඩ පිටවී නැති බවට රජයේ රස පරික්ෂකවරයා තහවුරු කර ඇතැයිද මුල සිටිම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළව වරින් වර පරස්පර අසත්‍ය කරුණු ඇතුලත් වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇතැයිද කී නීතිඥ උපාලි ජයමාන්න මහතා තම සේවාදායකයා අධිකරණය මගහැර පළා ගොස් සැඟව සිටි බවට රහස් පොලිසිය කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.
තම සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා ඇප දිය හැකි ඒවා යැයිද සිද්ධියේ සාක්කිකරුවන්ට බලපෑම්ි කිරීමට හෝ යුක්තිය ඉෂ්ඨ වීමේ කාර්යයට බාධා කිරීමට කිසිදු චේතනාවක් නැතැයිද විමර්ශන සඳහා අවශ්‍ය සහය අපරාධ පරක්ෂණ දෙපාර්තමෙන්තුවට ලබාදෙන්නේ යැයිද අවධාරණය කල නීතිඥ උපාලි ජයමාන්න මහතා ඕනෑම කොන්දේසියක් යටතේ තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරුණු දක්වමින් සිද්ධියට අදාළව ආරම්භ කළ විමර්ශන අවසන් කර නැතැයිද සිද්ධිය පිළිබඳ තවදුරටත් විමර්ශන කරන හෙයින් සැකකරු තවදුරටත් රිමාන්ඩ් කරන්නැයි ඉල්ලා සිටියහ.
සියළු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සැකකරුට කොන්දේසි සහිත ඇප නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල යළි කැඳවන 2025 පෙබරවාරි 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකරුට නියම කළාය.
පැමිණිල්ල වෙනුවනේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත මිනී මැරුම් විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඉන්දුක ද සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් පරික්ෂක සිරිවර්ධණ මහතා පෙනී සිටියේය.
සැකකාර සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා වෙනුවෙන් නීතිඥවරියන් වන ඉසුරි ලියනගේ සහ මධාරා මහත්මීන් සමඟ නීතිඥවරුන් වන උපාලි ජයමාන්න සහ රංජිත් රාජකරුණා යන මහත්වරුන් පෙනී සිටියහ.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංජීව මහානාමට ඇප