(රෝෂන් තුෂාර, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)
පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබීමට නීතිඥ වේශයෙන් අධිකරණයට භූමියට පැමිණි වෙඩික්කරුගේ සීසීටිවි දර්ශන ඡායාරූපය මේ වන විට මාධ්‍යයට යොමු කර ඇත.
අලුත් කඩේ මහේස්ත්‍රාත් උසාවියේ භූමියේ ආරක්ෂාව තරතුර කරමින් තාවකාලිකව අත්හිටුවා තිබූ නඩු විභාග කිරීමේ කටයුතු යළි ආරම්භ කිරීමට ආරක්ෂක අංශ කටයුතු සලසමින් පවතී.
නඩු කටයුතුවලට පෙනී සිටින පුද්ගලයින් පමණක් අධිකරණ භූමියේ රඳවා තබාගෙන පිටස්තර සියලු පුද්ගලයින් අධිකරණ භූමියෙන් ඉවත් කිරීමට ආරක්ෂක නිලධාරීන් කටයුතු සලසමින් පවතී.
පොලිස්පති වරයා අධිකරණ භූමියට පැමිණ නිරීක්‍ෂණ චාරිකාවක යෙදුණු අතර නියෝජ්‍ය අමාත්‍යය සුනිල් වටගල මහතා පැමිණ අධිකරණ භූමියේ නිරීක්ෂණයකින් පසුව මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළේය.
උසස් පොලිස් නිලධාරීන් පැමිණ විමර්ශන ආරම්භ කර ඇති අතර වෙඩිතැබීමට යොදාගත් රිවෝල්වරය ,උන්ඩ හයක් මේ වන විට සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඇගිලි සලකුණු ලබා ගැනීම සඳහා අදාළ පොලිස් කණ්ඩායම් අධිකරණය වෙත පැමිණියේය.
පොලිස් නිල සුනඛයන්ද අධිකරණය වෙත කැඳවූ අතර සීසීටිවි දර්ශන පරීක්‍ෂා කිරීමේ විමර්ශන කටයුතු ඇතුළු සියලු විමර්ශන කටයුතුද සිදු කරමින් පවතී.
සබැඳි පුවත්: අධිකරණය තුළදී ගණේමුල්ල සංජීවට වෙඩි තබා මරයි

COMMENTS
දැන් අනුර ජවනිකා රොත්ත වෙයි. මෙහෙමත් ගොන්නු ඉන්න රටක්...
වෙඩි තිබ්බ කෙනාව අත්අඩංගුවට ගත්තොත් ලෝක පුදුමයක්..
බන්ධනාගාරය ඇතුලේම උසාවි හදල නඩු ඉක්මණට ඇහුවා නම් මේ අය එහෙ මෙහෙ අරන් යන්න යන වියදමත් අඩුයි. මේ වගේ ප්‍රශ්න වෙන එකත් අඩු වෙයි
රටේ සහ පුරවැසියාගේ ආරක්ෂාව පිළිබඳ ආණ්ඩුවේ කටේ නරිවාදම රෙද්දපල්ලෙන් බේරේ.
නොදන්නා බැවින් මෙසේ විමසමි. අධිකරණ පරිශ්‍රයට ප්‍රවේශ වන සියල්ලෝ ම (නීතිඥයන් ද ඇතුලුව) දොරටුව අසලදී පරීක්ෂාවකට ලක් කරන්නේ නැතිද?
මෙයා දැන් බෝට්ටුවේ ඉන්දියාවට යන ගමන් ඇත්තේ...
මේ පාතාලය නොවේ, ටයි කෝට් දාගෙන පැමිණන උඩතාලය...
සාමාන්‍ය මිනිස්සුන්ගේ කිරිපල්ලත් අතගානවා... ලොයර්ලට හිනාවෙලා පැත්තකට වෙන නිවට පොලිස්කාරයෙක්ගේ අතපසු වීමක්. ඇයි හොර ලෝයර්ල හොයන්න අනුර කුමාර සහ පොලිස් ඇමැති උදේ ඔතැනට ආවේ නැත්තේ...?
දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ පාතාලකාරයෝ රජවෙලා උන්නේ. සුදුවෑන් ඝාතන, අතුරුදහන් මිනීමෝරු කැළෑ නීතිය රජ කරවපු හැටි දන්නෝ හොඳාකාරවම දනිති. ඒවායේ ප්‍රතිපල තමා?
අපිට ෆෝන් එකක් වත් ගෙනියන්න බැහැ...!
විපරමෝ කලිසමේ පස්ස පොඩ්ඩක් අත ගාලා බලන්න! මොනවාද ගිහිල්ලා තියෙන්නේ කියලා...
"උස් තැන් දැක හැකිලෙන, මිටි තැන් දැක පුම්බන" පොලිස් න්‍යායයක් තමයි ලංකාවේ තියෙන්නේ... සමහරවිට ඔය වෙඩික් කාරයත්, නියම නීතිඥ කලුකෝට් කාරයෙක් වෙන්නත් පුළුවන්.. ලංකාවේ කලුකෝට් කාරයෝ සහ පාතාලයේ මාෆියාව අතර වෙනසක් නැහැ... බුද්ධි අංශ පොලිසිය හා ආරක්ෂක අංශ බුදියාගෙනද ඉඳලා තියෙන්නේ... මට නම් හිතෙන්නේ, දූෂිත දේශපාලකයින් විසින් මෙහෙයවන, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සහ පාතාලය කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගෙයි... පාතාල කාරයින්ගේ පැටිකිරියම දන්නා පොලිසියට හැකියාවක් නැහැ.. නිසි ලෙස ඔවුන්ව නීතිය හමුවට පමුණුවලා දඬුවම් ලබා දෙන්න.. කොහොමත් ඔය පාතාලයින් මේ විදිහට වත් මරා දැමිය යුතුයි...
හා නේ !! මේ අපේ දොස්තර අර්චුනා මන්ත්‍රීතුමා නොවැ...!
සෑම අධිකරණයකටම ඇතුල්වන විට නීතිඥ මහත්ම මහත්මීන් අනිවාර්‍යයෙන් ආරක්ෂිත යන්ත්‍රයක් හරහා යැව්වොත් (යන්ත්‍රය හරහා යාමට පාවිච්චි කිරීමට රහස් අංකයක් හා ඇඟිළි සලකුණු මඟින් විවෘතවන ගේට්ටුවක් ) ඔය ප්‍රශ්නයට විසදුමක් ලැබේ යැයි සිතෙනවා.
කාට හරි කෙනෙක්ව මරන්න ඕනෙ වුණාම කොහොමත් මරනවා. ඒකට තැන නොතැන වැඩක් නැහැ. දැන් තියෙන්නේ කරපු කෙනාව අල්ලලා දඬුවම් දෙන එක විතරයි.
එනකොට කිව්වෙ ජාතික ආරක්ශාව ගැන ටියුෂන් දෙනවා නියලා. දැන් උසාවිය ඇතුලට ඇවිල්ලා මිනිස්සු මරනවා. කෝ ශානිගේ බුද්ධි අංශ? මූලික අරමුණ රාජපක්ෂ හිරකිරීමනේ. අනිත් ඒවා කැලේ...!
මමත් හිතුවේ අර්චුනා කියලා...
අවි ගත්තෝ අවියෙන්ම නසී කියලා කතාවක් තියෙනවා නේ.