
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක වන ගනේමුල්ල සංජීව නොහොත් , මාකිලංගමුවේ සංජීව හෙවත් කුමාර සමරත්න නැමැත්තාට අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ මූලිකත්වයෙන් විමර්ශන කණ්ඩායම් කිහිපයක් පත්කර ඇතැයි බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පැවසීය.
ඊට අමතරව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේද නිලධාරීන් යොදවා ඇතැයි හෙතෙම කීය.
වෙඩි තැබූ බව කියන රිවෝල්වර වර්ගයේ ගිනි අවිය විත්ති කූඩුව අසල වැටී තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇති අතර ගිනි අවිය එම පුද්ගලයා අධිකරණ සංකීර්ණය තුළට රැගෙන ආ බව කියන "අපරාධ නඩු විධාන සංග්‍රහය " නැමති පොතේ රිවෝල් වරයක් ආකාරයෙන් එහි පිටු අතර කුහරයක් සාදාතිබූ නීති පොත පොලිස් භාරයට ගෙන ඇත.
COMMENTS
මෙච්චර රැකවල් තිබිලා ඇතුළට ඇවිල්ලා ළඟටම ඇවිත් වෙඩි තියලා නිරුපද්‍රිතව එළියටත් යනකන් බලන් හිටියේ, මෙතන ඉන්නේ සෙල්ලමට හොරාපොලිස් කරන කට්ටියද? ලැජ්ජයි, මෙහෙම රටේ වෙනවා කියන්නේ, මේ කට්ටිය නඩත්තුවට අපි බදු ගෙවන්නේ අපරාදේ... ඔතැන ඉන්න විනිසුරුවරයෙකුට වෙඩි තියලා ගියත් බකන් නිලාගෙන ඉන්න තමයි වෙන්නේ මේ යන විදිහට...
පෝය දෙකෙන් පාතලය නැතිකරනවා කියපු එකා කෝ. ජාතික ආරක්ෂාව ගැන පන්ති පවත්වන්න පුලුවන් කියලත් කීවා අනේ මුන්ගේ ගොන් ආතල්.