
(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම මොරගල්ල මුහුදු තීරයේ දෙස් විදෙස් සංචාරකයන් දිය නාමින් සිටින ස්ථානයට අඩි දහයක පමණ දිග කිඹුලෙක් අද (19)පැමිණ ඇතැයි මොරගල්ල සංචාරක පොලිසිය පවසයි.
මේ හේතුවෙන් වෙරළාසන්න සංචාරක හෝටල්වල වාසය කරන විදෙස් සංචාරකයන් දැඩි භීතියට පත්ව ඇති බැවින් අලුත්ගම මොරගල්ල සංචාරක පොලිසිය මගින් හික්කඩුව වනජීවි කාර්යාලයේ නිළධාරිනීන් දැනුවත් කළත් මෙතෙක් එම වනජීවි කාර්යාල නිලධාරිනින් ඊට ප්රතිචාර දක්වා නැතැයි මොරගල සංචාරක පොලිසිය උසස් නිළධාරියෙකු පැවසීය.
කිඹුල් භීතියෙන් විදෙස් සංචාරකයන් මුහුදු වෙරළෙන් ඉවත්ව සංචාරක හෝටල් කාමර වෙත ගමන් කරන අයුරු මෙහිදී දැකගත හැකි විය.
COMMENTS
මුහුදෙදි හම්බවෙන කිඹුල්ලු සපාකන්නේ නැහැ... , ප්රජනන කාලෙදි කිඹුල්ලු තම සහකාරියන් සොයා ගඟකින් තවත් ගඟකට හෝ කලපුවට යන්න මුහුද භාවිතා කරනවා. මුහුද කිඹුලාට සැපපහසු පරිසරයක් නොවේ. එමනිසා කිඹුලා බලන්නේ ඉක්මණට තම ගමනාන්තය සඳහා යන්න මිසක් ගොදුරු සොයන්න නොවේ.., මෙය බිය වියයුතු කාරණයක් නොවේ...
ඔවුන්ට ඉතින් එන්න වෙලාවක් නැතුව ඇති මොකද නිනිළධාරිනීන්ට එලියට යනකොට මේකප් දාලා එන්න එපායැ ඇත්තටම මේ තනතුර සදහා කාන්තාවන් යෙදවීමේ විපාකය තමයි මේක සමතැන ඉල්ලුවාට දෙනවා වැඩ කරන්න ගියාම මෙහෙම තමයි. කියන කොට එහෙමට වුනත් මහ රජතුමාණෙනි වෙනුසමා කරනකොට මෙහෙමමයි එය වලකන්න බැහැ මැරුවත් මෙමා කියලා සුදුහකුරු බාස් කියලා තිබුනා හිතවත් කමට පක්ෂග්රාහිත්වයට තනතුරු දුන්නාම ඔහොම වෙනවා