IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ශාප කිරීම ගැන විනිසුරුවරයාගෙන් සමාව ගත යුතුයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා නවාස්  විනිසුරුවරයාට ඊයේ  මැතිසබයේදී  ශාප කිරිම බරපතළ කාරණයක් හෙයින් ඒ  සම්බන්ධයෙන්  ඔහුගෙන් සමාව ගත යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (4)  පැවසීය.

නවාස් විනිසුරුවරයා විභාගයට ගන්නේ  මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ නඩු විතරක් බවට රිෂාඩ් බදුර්දීන් මහතා  කර ඇති ප්‍රකාශයද අසත්‍යයක් බවත් රාජපක්ෂ මහතාට පක්ෂව දීපු නඩුවක හෝ  විපක්ෂව දීපු නඩුවකවහෝ ඔහු   වාඩි වී නැති බවත් අමාත්‍යවරයා කීවේය.

රිෂාඩ්  බදුර්දීන් මහතා මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇමතිකම් දැරුවද ඒකට කවුරුවත් ශාප නොකළ බවද  රාජපක්ෂ මහතා පැවසීය.

දැන් නඩුවක් ඇහුවේ නැහැ  කියලා  බදුර්දීන් මහතානවාස්  විනිසුරුවරයාට ශාප කරන බවද   නවාස් මහතා ගෞරවනීය විනිසුරුවරයකු බවද  ඔහු කීවේය.

ඔහු  ජාතිවාදය කරපින්නා ගෙන සිටින නඩුකාරවරයෙකු නොවන බවද විජයදාස රාජපක්ෂ මහතා කීය.

කනිෂ්ඨ නීතිඥවරයා නවාස්   විනිසුරුවරයා අමතා  බදුර්දීන් සම්බන්ධ නඩුව නවාස් මහතා ඉදිරියේ නඩුව අහලා ඉවර කිරීමට ජ්‍යෙෂ්ඨ නීතිඥයා බලාපොරොත්තුවෙන් සිටින බව දැනුම්දී ඇති බවත් ඊට පසු දින උදේ ජේෂ්ඨ නීතිඥයා නවාස්  විනිසුරුවරුවරයා දුරකතනයෙන් අමතා  ඔබ  ඉදිරියේ මේ නඩුව ගන්න එපා යැයි  ප්‍රකාශ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එය නීතිඥවරුන්ගේ  අනවශ්‍ය  මැදිහත්වීමක් බවත් ඒ පිළිබඳව නවාස් විනිසුරුවරයා  අගවිනිසුරුවරයා දැනුවත් කර ඇති බවත්  රාජපක්ෂ මහතා පැවසීය.

එලෙස දැනුවත් කිරීමෙන් පසු ඔහු එම නඩුව විභාග කළ නොහැකි බව දන්වා ඇතැයිද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කර විනිසුරුවරුන්ට එරෙහිව මෙලෙස කටයුතු කිරීම වැරදි යැයි  ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:

අපි ඒ ගැන රිෂාඩ් බදුර්දින් මන්ත්‍රීතුමා දැනුවත් කරන්නම්.



අදහස් (1)

ශාප කිරීම ගැන විනිසුරුවරයාගෙන් සමාව ගත යුතුයි

Perera Monday, 04 December 2023 11:15 PM

නවාස්, මොහාන් පීරිස් එක්ක එකතුවෙලා නීතිපති දෙපාර්තතමේන්තුවේ ඉද්දී කරපු ඉඩම් ජාවාරම් විමර්ෂණයෙන් බේරුවේ මහින්ද රාජපක්ෂ බව දන්නෝ දනිති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 436 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2199 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site