(යොහාන් භාසුර)
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියට ආහාර නොදෙන බවට මේ දිනවල වන ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරන බවත් එම ගුවන් සේවය පිළිබඳව ජනතාව තුළ අප්‍රසාදයක් ඇති කිරීම සඳහා මෙවැනි ප්‍රචාර සිදුකරන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියේ මගීන් වෙනුවෙන් ප්‍රධාන ආහාර වේල හතරක් අතරින් කැමති ආහාර වේලක් තෝරා ගැනීමට අවස්ථාව ද ලබාදී ඇති බවත් මගීන් සංඛ්‍යාව අනුව ප්‍රමාණවත් ආහාර ගුවන් යානය තුළ තබා ගන්නා බවත් එම නිවේදනයේ සඳහන් වේ.
ගුවන් මගීන්ට සෑමවිටම ආහාර තේරීම් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්හිමිවන බව කියන ශ්‍රී ලංකන් ගුවන් සමාගම එක් ආහාර වර්ගයක් අවසන් වුවහොත් ඒ වන විට ඉතිරිව තිබෙන ආහාර වර්ග වලින් එකක් තෝරා ගැනීමේ අවස්ථාව ගුවන් මගීන්ට ලැබෙන බව ද වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
මේකත් මේ රටට මහ බරක්...
Emirates ආයතනය මගින් ඉතා සාර්ථකව පවත්වාගෙන ගිය ශ්‍රීලන්කන් ගුවන් සේවය අද පත්ව ඇති තත්ත්වය ඉතා කණගාටුදායකයි. මේ ගැන රට කරන්නන්ගේ අවධානය යොමුවිය යුතුයි...!
ආහාර කෙසේ වෙතත් ව්‍යාපාර පන්තියේ ටිකට්වල ගණන දෙගුනයක් වුවත්, ඇතැම් ගමනානතයන්ට යන ප්ලයිට්වල පහසුකම්නම් අන්තිමයි, ඇතැම් ගුවන් සේවාවන්හි ඇති සාමාන්‍ය පන්තියේ තිබෙන පහසුකම්වත් නෑ, පහසුකම්වලින් බාගෙට බාගයකිම කපලා, හැබැයි ටිකට්වල ගනන විකරක් වැඩිකරලා
This is insane,, whoever made this up never few in Business Class. . I few in to SL on UL504 last month and UL225 as well, i can attest that the Service was superior to any other airline because i personally felt connection with the flight crew, fellow passengers and Food was really good on Business Class. Then mishap happened my flight back to Dubai that got delayed 3 hours at the tarmac, missed my connecting flight from Dubai to Paris and lost my baggage through this whole ordeal, but i have more sympathetic view of what has happened. Flight crew and ground crew was apologetic and did everything they could do, but there are certain things even an Airline cannot overcome during this challenging time. I'm certain this came from an Idiot who might be thinking that they deserve the whole flight crew at their disposal and very first Business class trip with Operational upgrade LOL.
ගුවන් බලපත්‍ර සඳහා ගෙවන මුදලට සාධාරණ ආහාරපාන සහ පහසුකම් ඉතාමත්ම දුර්වල මට්ටමක පවතින බව අවුරුදු විසිදෙකක් පුරාවට මැදපෙරදිග රැකියාව සඳහා යන එන යනඑන මා හට දැනුණු සත්‍යයක්. ආසනයේ කෙටි නින්දක් සඳහා දී තිබූ කොට්ට පවා දැන් එයින් ඉවත් කර ඇත. ශ්‍රී ලන්කන් බලධාරීන් විසින් එයත් ප්‍රතික්ෂේප කරනවද? මගීන්ට දෙනු ලබන්නේ ඉතාමත්ම ගුණාත්මක බවින් අඩු ආහාර වේලක්... නමුත් තවමත් ශ්‍රී ලංකන් එයා ලයින් එකේ සංචාරය කරන්නේ අපේ රටට මුදල් ලැබෙන්න ඕනෑ නිසා. මේ ගැන නිසි බලධාරීන් අවංකව සිතා කටයුතු කරන්න..
අමුතුවෙන් අප්‍රසාදයට පත්කරන්න ප්‍රසාදයක් තියෙන්න එපෑයෑ. දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලන් ඉන්න එක තමයි තියෙන්නේ... පහුගිය ජනවාරි මාසයේ මම ඒක ඇස්දෙකෙන්ම දැක්කා. මගෙ ළඟ වාඩිවෙලා හිටිය වයස 85ක විතර වෙජිටේරියන් ආච්චි කෙනෙක් (මාවනැල්ලේ කිව්වා) පැය 10ක මෙල්බර්න් ෆ්ලයිට් එකේ බඩගින්නේ ආවා, කලින් වෙජිටේරියන් මීල් එකක් ඕඩර් කරලත්... එහෙම වුණු කීපදෙනෙක්ම හිටියා. දෙන කෑම එකෙත් තියෙන්නෙත් වෙන රටවල්වලින් ගෙන්නපු දේවල්. ජාතික ගුවන් සේවයෙන් ජාතික නිෂ්පාදන ප්‍රමෝට් නොකරන එකම ගුවන් සේවය අපි වෙන්න ඇති. මීට අවුරුදු 30කට කලින් සිංගප්පූරු, එමිරේට්ස් එක්ක කරට කර හිටියා නේද කියලා මතක්වෙද්දී දුකයි, ලැජ්ජයි...
මේ දවස් වල ආර්ථික පන්තියෙ ගුවන් ටිකට් එකක් මිල ලකෂ 15 විතර වෙනවා. ඒ ඇයි?
ගුවන් සමාගම රජයට පවරා ගැනීමෙන් පසු ප්‍රමිතිය පහත වැටී ඇති බවට සැකයක් නැත. එය පෙර තරු පහේ ප්‍රධාන ගුවන් සමාගම් හා සම විය. ශ්‍රීලංකන් දැන් මහජන මුදල් නාස්තියක් වී ඇති අතර එය වහාම පෞද්ගලීකරණය හෝ නැවැත්විය යුතුය. මෙම පාඩු ලබන ගුවන් සමාගම සඳහා අපගෙ වටිනා මුදල් නාස්ති නොකරන්න, ප්‍රවේශපත්‍රවල මිල අඩු කිරීම සඳහා සියලුම ගුවන් සමාගම් සඳහා වෙළඳපල විවෘත කරන්න.
මේ ආහාර තේරීම් ගණන ගැන කියෙව්වාම මතක් වුනේ හෙන්රි ෆෝඩ් ගේ කියමනක්. Any customer can have a car painted any colour that they wants, as long as it is black...
ශ්රී ලංකන් ගුවන් සේවය ලංකාවට අහිමි වෙන හැටි... ඔන්ලයින් ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය භාවිතා කරයි නම් ඔබට සමහර ලංකාවේ බැංකු කාඩ්පත්වලින් ගෙවීමට නොහැක. එය බැංකුවේ වරදක් ලෙස ශ්‍රී ලංකන් ආයතනය පවසන නමුත් බැංකුව පවසනුයේ කිසිසේත්ම ලංකාව තුළ කරනු ලබන ගෙවීම්වලට අපගේ අවහිරතාවයක් නොවන බවයි. වෙබ් අඩවියෙන් ඔබවෙත පෙන්වන මුදල ගෙවීමට උත්සාහ කළත් ගෙවීම් උත්සාහයේදී එය ව්‍යර්ථ කරනු ඇත. ඔබට පැය 24ම ඇමතිය හැකි දුරකථන අංකයක් ලැබෙන අතර, ඔබ එම අංකය ඇමතූවිට මොන්ටිසෝරියකට ලබාගත් ඇමතුමක අත්දැකීම ලැබෙනු ඇත. පිළිගත් ආයතනය කාර්යාලයකට නොගැලපෙන පසුබිම් ශබ්දය පමණක් නොව තම සේවා පරිසරය හෝ අදාළ ප්‍රශ්නය වටහා ගැනීමට අපොහොසත් තරුණ ලලනාවකගේ සුමිහරි හඩින් ඔබව ආමන්ත්‍රණය කරනු ඇත. ඔවුන් ඔබට උපදෙස් දෙනුයේ මුදලින් ගෙවා හෝ සෘජු බැංකු මාර්ගගත ගෙවීමකින් මිලදී ගන්නා ලෙසයි. එවිට මුලින් ඔබට ආසනයක් ලබාදීමට එකඟ වූ මුදලට ඉතා විශාල සේවා ගාස්තුවක් එකතුවනු ඇත.
හොඳ නරක අඳුනගෙන වැඩ කරගන්න පූළුවන් නායකයෙක්ට මෙම ආයතනය පවරන්න. මෙම ආයතනයත් එතකොට හරි යයි.
අප්‍රසාදයට පත් කරන්න විශේෂයෙන් මෙහෙයුම් අවශ්‍ය නැහැ. ඒක ඉබේ සිදුවෙලා හමාරයි. දුර්වල සහ අහන්කාර ඔළුව ඉඳිමුණ සේවකයො සහ යානා නිසා මගීන්ගේ අප්‍රසාදයට ලක්වී ඇත. දිගින් දිගටම පාඩු ලබමින් දැනට රුපියල් කෝටි 33000 ක පමණ පාඩු ලැබීම නිසා රටේ පුවරවැසියන්ගේද උදසහට ලක්ව ඇත.
මමත් මේ ළඟදී බිස්නස් ක්ලාස් එකේ ආවා... හොඳ සේවයක් තිබුණා. නමුත් ඉකොනොමි ක්ලාස් එකනම් හුඟක් ආවා.. ඉස්සර තිබ්ච්ච තත්වයෙන් 50%ක් වත් නැහැ. ටොයිලට් එහෙම හොඳටම ජරාවෙලා.. බලන්න කවුරුවත් නැහැ වගේ...
වඳුරා එයාගේ වලිගය අගේ කරනවා වගේ මේ ජාතික පිළිලය ගැන අපිත් උදම් අනමු. එහෙම තමයි ලී ක්වාන් යූ සිංගප්පූරුවත් දියුණු කලේ. එල එල...