IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


’’ශිෂ්ට සම්පන්න සමාජයකට බිත්තර ප්‍රහාරය ගැලපෙන්නෙ නෑ’’

(අංජුල මහික වීරරත්න)

ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් රැස්වීමට එල්ලවුණු බිත්තර ප්‍රහාරය ශිෂ්ට සම්පන්න සමාජයකට නොගැලපෙන ක්‍රියාවක් යැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී  අද (1) පැවසීය.

මෙවැනි ක්‍රියා බිත්තර ප්‍රහාරවලින් ඇරැඹී සාහසික ක්‍රියා දක්වා ගමන් කිරීමට ද බැරි කමක් නැති බව කී එජාප මහලේකම්වරයා මේ ක්‍රියාවට ආණ්ඩුව සම්බන්ධ නම් සාධාරණ විමර්ශනයක් බලාපොරොත්තු විය නොහැකි බවද සඳහන් කළේය.

මෙවැනි දේ සිදු කරන පුද්ගලයන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීම බවත් ආණ්ඩුව මේ සම්බන්ධව හැසිරෙන විදියෙන් "අබ කෑ මිනිහාගේ  මොලේ දනවා" යන කතාව සිහිපත් වන බවත් රංගේ බණ්ඩාර මහතා කීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  මිනිසුන්ගේ අයිතීන් පිළිබඳව සඳහන් කර තිබුණාට ප්‍රමාණවත් නැති අතර එම අයිතීන් ප්‍රායෝගිකව විඳින්නට අවස්ථාවක් ලබා දිය යුතු බව කී එජාප මහලේකම්වරයා අනුර කුමාර දිසානායක මහතාට පමණක් නොව ඕනෑම කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබෙන අතර එම නිදහස භුක්ති විඳිද්දී මෙවැනි සාහසික ප්‍රහාරවලට ලක් නොවිය යුතු බව ද පැවසීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ  මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස එජාප අප මහ ලේකම්වරයා මේ බව කීය.



අදහස් (3)

’’ශිෂ්ට සම්පන්න සමාජයකට බිත්තර ප්‍රහාරය ගැලපෙන්නෙ නෑ’’

ප්‍රියන්ත සූමනදාස Tuesday, 01 February 2022 02:05 PM

හරියට හරි ශිෂ්ඨසම්පන්න සමාජයකට වොඩ්කා වතුර කරන එකත් හොඳ නෑ

:       0       0

Raveendra Tuesday, 01 February 2022 03:24 PM

ශිෂ්ටසම්පන්න සමාජයකට පමණක් නොව මොනම සමාජකටවත් එවන් තුප්පහි වැඩ ගැලපෙන්නේ නැහැ. මෙහි වඩාත් හාස්‍ය වන්නේ පුත්තම බුරුවෙක් ශිෂ්ඨ සම්පන්න සමාජයක් ගැන කතකිරිමය

:       0       0

ගමේ එකාලා Tuesday, 01 February 2022 06:46 PM

සමාජය ශිෂ්ඨ සම්පන්න වෙන්නේ කොහොමද? ඉන්න දූෂිත දේශපාලුවන් ඊට වැඩිය හපන්...!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site