IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ 67 වැනි සංවත්සරය සමරයි

(යොහාන් භාසුර)

වර්තමාන ජනමාධ්‍යය ස්වාමියාගේ උවමනාව වෙනුවෙන් පෙනී සිටීම නිසා සමබරතාව ගිලිහී ගොස් ඇති බවත් ආයතනයේ ශ්‍රේණිගතකිරීම හෝ අළෙවිය ඉහළ යෑමෙන් ජනමාධ්‍යයේ විශ්වාසනීයභාවය මැණිය නොහැකි බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද  (8) පැවසීය.

වර්තමානගේ සමස්ත ලෝකයේම ජනමාධ්‍යයේ විශ්වාසනීයත්වය, ගෞරවය සහ භාෂා භාවිතය නොමැති තත්වයක් නිර්මාණය වී තිබෙන බව කී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ස්වාමියා පිම්බීම, පෞද්ගලිකත්වයේ සීමාවන් ආක්‍රමණය කිරීම සහ උපකල්පන සහ ආකල්ප මත පදනම්ව මාධ්‍යකරණයේ නියලීම මෙයට හේතුව බව ද සඳහන් කළේය.

රටම අඳුරු සෙවනැල්ලෙන් වසාගත් කාලයක අංකුර මාධ්‍යවේදියෙක් ලෙස සාක්කුවේ බෝල්ට්පොයිට් පෑනක් පමණක් තිබියදී දින රහිත මරණ සහතිකය සහ බෝල්ට්පොයිට් පෑන සමඟින් මාධ්‍ය භාවිතයේ ගෞරවය වෙනුවෙන් එදා තමන් ඉදිරිපත් වූ බවත් අමාත්‍ය අලහපෙරුම මහතා කීය.

ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ 67 වැනි සංවත්සරය වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේදී අද (8) පස්වරුවේ පැවැති සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එසේ පැවසීය.

මෙම සමරු උළෙලේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන දිනපතා ‘ලංකාදීප’ පුවත්පතේ විශේෂාංග කර්තෘ චන්ද්‍රිකා විජේසුන්දර මෙනවිය, සුනිල් දයා අල්විස්, ආතර් යූ. අමරසේන, සරත් කුරේ සහ ඒ. සී. ද සිල්වා යන මහත්වරු ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ ආරම්භක සාමාජිකයන්ගෙන් ප්‍රධානියෙක් වන ඩී. එෆ්. කාරියවකරවන අනුස්මරණ ජනමාධ්‍ය උපහාර ලැබූහ.

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය අනුශාසක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මුදිත කාරියකරවන සහ එහි සභාපති සිළුමිණ පුවත්පතේ කර්තෘ ධර්මන් වික්‍රමරත්න යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් පැවැති මෙම උළෙලේ ප්‍රධාන දේශනය යුනෙස්කෝහි ශ්‍රී ලංකා කොමිසමේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා පැවැත්වීය.

දිනපතා ‘ලංකාදීප’ පුවත්පතේ විශේෂාංග කර්තෘ චන්ද්‍රිකා විජේසුන්දර මහත්මිය, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අතින් සමරු ඡායාරූපය ලබාගත් අවස්ථාව


සම්මාන ලාභී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහූ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව

ඡායාරූපයේ වමේ සිට: සුචිනි අල්විස් (සුනිල් දයා අල්විස් මහතාගේ දියණිය), සරත් කුරේ, මුදිත කාරියකරවන, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ධර්මන් වික්‍රමරත්න, ආතර් යූ. අමරසේන, සරත් වික්‍රමරත්න (ඒ. සී. ද සිල්වා මහතා වෙනුවට) මහත්වරු සහ චන්ද්‍රිකා විජේසුන්දර මෙනවිය.

(ඡායාරූප: රුෂීරු කොළඹතන්ත්‍රිගේ)



අදහස් (0)

ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයේ 67 වැනි සංවත්සරය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 878 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site