
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දිවුලපිටිය ශ්‍රී ඥානෝදයේ මධ්‍ය මහා විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට නිවාසන්තර ක්‍රීඩා තරගාවලියට සමගාමීව පාපැදි තරග ඉසව්වක් අද (1) පවත්වනු ලැබීය.
ගම්පහ දිස්ත්‍රික් පාපැදී සංගමයේ උපදේශනය හා සංවිධානයෙන් ද විදුහල්පති පද්ම කුමාර රුවන්පතිරණ මහතාගේ හා ක්‍රීඩා බාර ආචාරිණී එල්.එස් වත්තගේ මහත්මියගේද පුහුණුකරු චූලක ඉසුරු බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ කිලෝ මීටර් තිහක දුරින් යුත් වූ මෙම තරඟ ඉසව්ව සඳහා සිසුන් විසි දෙනෙක් එක් වූහ.
එච්. ඒ. විරාජ් මධුරංග (මානෙල් නිවාසය) එන්. ඉරෑෂ දෙනුවන් (ඕලූ නිවාසය) ආර්.ඒ. ප්‍රභාත් ගිහාන් (මානෙල් නිවාසය) එස්. ඒ. පබුදික ගිම්හාන් (මානෙල් නිවාසය) සහ එම්. කවිදු ගිම්හාන් (කුමුදු නිවාසය) යන සිසුන් පිළිවෙලින් පළමුවැන්නා සිට පස් වැන්නා දක්වා ලෙස ජයග්‍රහණය ලැබූ ලැබූහ.
පාසල් පාපැදිි සංගමයේ ලේකම් සිතා කුමාරි ජයකොඩි, ගම්පහ දිස්ත්‍රික් පාපැදී සංගමයේ ලේකම් ටියුඩර් විජේසූරිය, පාපැදි සම්මේලනයේ පුහුණුකරු බාලචන්ද්‍ර හෙන්රි , සම්පත් ක්‍රිෂාන්ත සහ ශිරාන් මංජුල යන මහත්වරු පාපැදිි සංගමය නියෝජනය කරමින් මෙම තරගය විනිශ්චය කිරීමට එක්ව සිටියහ .
COMMENTS