
(යොහාන් භාසුර)
මහ කන්නයේ (2024/2025) වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ‘ඔඩපණ’ ණය යෝජනා ක්‍රමය පසුගිය 3 වැනිදා ආරම්භ කළ බවත් එම ණය යෝජනා ක්‍රමය මැයි මස 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව පැවසීය.
උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙටි්‍රක්ටොන් 25 කට යටත් වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන්ට සහ සමූපකාර සමිතිවලට මෙම ණය යෝජනා ක්‍රමයෙන් ණය ලබාගත හැකි බවත් රාජ්‍ය ආයතනයක් නිකුත් කළ ව්‍යාපාර ලියාපදිංචි සහතිකය තිබීම අනිවාර්ය බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියෙක්ට සහ සමූපකාර සමිතියකට රුපියල් මිලියන 50 ක් හෙවත් රුපියල් කෝටි 5 ක උපරිම ණය මුදලක් සියයට 7 ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ ගතහැකි බවත් එම ණය මුදල දින 180 ක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 10,000 ක් හෙවත් රුපියල් කෝටි 1,000 ක් බැංකු හරහා නිදහස් කිරීමට නියමිත බවත් ගොවීන්ගේ වී ඇස්වැන්න සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියම කරන අවම මිලක් යටතේ වී මිලදීගැනීමට සැළසුම් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
ලංකා, මහජන, ප්‍රාදේශීය සංවර්ධන, රාජ්‍ය උකස් හා ආයෝජන, හැටන් නැෂනල්, සෙලාන්, සම්පත්, කොමර්ෂල්, ඩී.එෆ්.සී.සී., ජාතික සංවර්ධන, නේෂන්ස් ට්‍රස්ට්, සණස සංවර්ධන, යූනියන්, පෑන් ඒෂියා, අමානා සහ කාර්ගීල්ස් යන බැංකු හරහා මෙම ණය යොජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බව ද සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස 6ක් සඳහා ශ්‍රී ලංකාවේ අවශ්‍ය සහල් ප්‍රමාණයෙන්, මෙම මුදලින් මිලදී ගත හැකි ප්‍රතිශතය කීයද? බලපැමක් කිරීමට මෙය ප්‍රමාණවත්ද?
මාස 6ක් සඳහා ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහල් ප්‍රමාණයෙන්, මෙම මුදලින් මිලදී ගත හැකි ප්‍රතිශතය කීයද? බලපැමක් කිරීමට මෙය ප්‍රමාණවත්ද?
කෝටි දාහක් කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැත. මෙම මුදල යොදාගෙන මුලු අස්වැන්නෙන් කොපමණ ප්‍රතිශතයක් මිලට ගැනීමට හැකිදැයි ගණනය කල යුතුය. එක් මහ පරිමාණ මෝල් හිමියෙක් මීට වඩා වැඩි මුදලක් ආයෝජනය කරනවා. නැවත මහාපරිමාණ මෝල් හිමියන්ට යටවීම වැලකීමට නොහැකිය.
කෝටි එක් දහස ප්‍රමාණවත් වන්නේ නෑ. එක් මහ මෝල් හිමියෙක් කෝටි තුන් දහසකට අධික මුදලක් ආයෝජනය කරනවා.