(රන්ජන් කටුගම්පොල)
රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණය මෙම වසරේ දෙසැම්බර් 31 වෙනිදා දක්වා පමණක් බල පැවැත්වෙන බවට නියම කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් මගින් බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා මෙම දැනුම් දීම සිදු කළේ මේ සම්බන්ධයෙන් ගොනු කොට තිබූ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය
මෙම රීට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින්පුල්ලේ මහතා කියා සිටියේ මෙම තීරණයට අදාළ ආමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අධිකරණයට ඉදිරිපත් කරන බවත් මෙවැනි තීරණයක් ගනු ලැබුයේ ආමාත්‍ය මණ්ඩල අනු කමිටුව බවත්ය
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් කියා සිටියේ ආමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සාමාජිකයන් සෞඛ්‍යය ක්ෂේත්‍රයේ නොසිටි අය බවත්ය.
ඊට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් අදාළ තීරණ ඉදිරි කාලයේ දී දැනුම් දෙන බවත් පෙත්සම විභාගයට ගැනීමට දින නියම කරන ලෙසත්ය
ඒ අනුව මෙම පෙත්සම ඔක්තෝබර් 20 වැනි දින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වෛද්‍යවරුන්ට සේවා දිගුව ලැබෙන්නේ දෙසැම්බර් දක්වා පමණයි
චන්දන Thursday, 28 September 2023 08:27 AM
රාජ්‍ය ප්‍රතිපත්තිය පැහැදිලිවම අධ්‍යාපනය සහ සෞඛ්‍ය පුද්ගලිකකරණය. එතෙන්ට පාර කපමින් ඉන්නෙ. ජනතාවට සැපෙන් ඉන්න පුළුවන්.වෛද්‍යවරු රට හැර යයි.
Dr Ekajp kumara moic Dh hunuwala Thursday, 28 September 2023 10:59 AM
මට වෛද්‍යවරුන්ගේ වයස අවුරුදු 63 දක්වා අවශ්‍යයි