(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)
කොවිඩ් වැළඳී ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 31ක් හැවිරිදි වෛද්‍යවරියක් මියගොස් ඇත.
කොවිඩ් නිව්මෝනියාව හේතුවෙන් ඇතිවූ සංකුලතා මත බහුවිද අවයව අකර්මන්‍යවීම ඇගේ මරණයට හේතුව බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඊයේ (23) පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දී අනාවරණය වී තිබේ.
රත්නපුර රෝහලේ සේවය කරමින් සිටි තරින්දි දිල්ෂිකා විතානගේ නැමති වෛද්‍යවරිය මෙසේ මියගොස් ඇති අතර ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි
මෙම වෛද්‍යවරිය රෝහලේ සේවය කරමින් සිටියදී ඉකුත් මස පෞද්ගලික රෝහලකින් පි.සී.ආර් පරික්ෂණයක් සිදුකරගෙන ඇති අතර එහි ප්‍රතිඵල අනුව ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.
පසුව ඇය හෝටලයක පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රථිකාර ලබමින් සිට රෝගී තත්වය උත්සන්නවිම නිසා පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ලබා ඇතැයි වාර්තා වේ.
පසුව ඇය ඉකුත් 2 වැනි දා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර එක්මෝ යන්ත්‍රයට සම්බන්ධ කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 22 වැනිදා පස්වරුවේ මියගොස් ඇත.

COMMENTS
නිවන්සුව ලැබේවා
ඔබට නිවන් සුව අත්වේව.......!!!!
මෙහි සත්‍යතාවය කුමක්ද?
නිවන් සුව !..
පෞද්ගලික රෝහලකට නොගොස් තමන් සේවය කළ රජයේ රෝහලෙන් ප්‍රතිකාර ගත්තේ නම් තත්වය වෙනස් විය හැකි යයි සිතිය හැක. එන්නත් දෙකම ගෙන තිබුණාද?
එතුමියට නිවන් සුව. හැබැයි කෙළින්ම ඇතුල් වෙන්න තිබ්බෙ රජයේ රෝහලකට. ඕනෑම ලෙඩකට රජයේ රෝහල් තමයි හොඳම.
මෙම දියණිය රත්නපුර රෝහලේ මනා කැපවීමෙන් සේවය කල ඉන්ටර්න් වෛද්‍යවරියකි. ඇයට නිවන් සුව පතන අතර කණගාටුවට කාරණය නං ඇය අප මිතුරන් කොතෙක් පැවසුවද එන්නත අවිශ්වාස කර එය ලබා නොගැනීමයි.
අපරාදේ ජිවිතේ
ඔබතුමිය තම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිසනමා ගෞරව කරන අතර, මතු උපදින කිසිම භවයකදී මෙවන් අකල් වියෝවක් නොම වේවා.. අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා...!!!