
(යොහාන් භාසුර)
මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 කට අළෙවි කළ හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අද (5) පැවසීය.
අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා කෝට්ටේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයේ අද (5) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ කීය.
මෙම මිල සහතික, හෝ උපරිම හෝ අවම මිල නොවන අතර එය ‘වී අළෙවි මණ්ඩලය මිලදී ගන්නා මිල’ බවත් එම මිලට ඉහළ මිලකට වී අළෙවි කිරීමට කිසිඳු බාධාවක් නොමැති මෙන්ම ඊට වඩා පහළ මිලකට වී අළෙවි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා කීය.
ප්‍රවාහන ගාස්තුවක් ලෙස වී අළෙවි මණ්ඩලය වී අළෙවිකරුවන්ට කිලෝවක් සඳහා මීට පෙර දුන් රුපියල් 2 ක අමතර මුදල මෙම මිලට ඇතුළත් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
වී අළෙවි මණ්ඩලය සතුව වී වේළීමේ පහසුකම් නොමැතිවීම නිසා එම මණ්ඩලය තෙත වී මිලදී නොගන්නා බව කී අමාත්‍යවරයා ප්‍රමිතියෙන් යුත් වී නව මිලට ගන්නා බව ද සඳහන් කළේය.
ගෙවීන් වී අළෙවි මණ්ඩලයට වී අළෙවි කළ පසු පසුගිය කාලයේ මුදල් ගෙවීම බොහෝ ප්‍රමාද වී තිබුණ ද ඒ ආකාරයේ ප්‍රමාදයක් නොවන බවත් සහල් මිලට බලපෑමක් ඇතිකිරීමට ප්‍රමාණවත් වී තොගයක් මිලදී ගන්නා බවත් අමාත්‍යවරයා කීය.
වී අළෙවි මණ්ඩලය මිලදී ගන්නා වී ඇටයක්වත් අළෙවි නොකර සියලුම වී සහල් කරන බව කී ලාල් කාන්ත මහතා පැවසුවේ සහල් මාෆියාවෙන් ජනතාව මුදාගැනීමට වී තොග පාවිච්චි කරන බවයි.
කෘෂිකර්ම අමාත්‍යංශයට යටතේ පාලනය වන ආයතනය එකතුව ගොවියා සහ පාරිභෝගිකයා රැකෙන ආකාරයට වී මිල නියම කර ඇති බවත් නිෂ්පාදන වියදමට තුනෙන් එකක ලාභයක් මෙම මිලට ඇතුළත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
වී මිලදීගැනීම සඳහා වී අළෙවි මණ්ඩලය සතු ගබඩා සූදානම් කර ඇති බව කී අමාත්‍ය ලාල් කාන්ත මහතා වී අළෙවි මණ්ඩලයට අමරතව සතොස සහ ඇතැම් සමූපකර ද සහල් මිලදීගැනීම නිසා ආණ්ඩුවට විශාල සහල් තොගයක් මිලදීගැනීමේ හැකියාව ලැබෙන බව ද සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඇතුළු එම අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
COMMENTS
ගොවීන් ඉල්ලුවේ සහතික අවම මිලක්. දැන් උපරිම මිලට යටින් ඕන අඩු මිලකට මුදලාලිලාට වී ගන්න පුළුවන්. අඩුම වශයෙන් රජය වී මිලට ගන්න සහතික මිල කියන්න. පච ආණ්ඩුව හිතාගෙන ඉන්නේ ඒ කාලේ රවට්ටලා අමුඩ ගස්සවලා පාරට දක්කපු ගොවියෝ තවමත් හරක් රැලක් කියලා.
දැන් වගකීම ඇත්තේ ගොවි මහතුන්ගේ අතේ, ජනතාවගේ මුදලින් වාරි සහනාධාර, පොහොර සහනාධාර, කෘෂි උපදේශන, වගා හානි සහනාධාර ලබාගෙන මෙම මුදලට (අසාධාරණ නොවන) වී ටික ජනතාව ගැන සිතා රජයට විකුණනවාද, නැතිනම් රුපියලක දෙකක වාසියට කෑදර වී සහල් මාෆියාකාර මුදලාලිලාට දී පසුවට එම මාෆියාකාරයන්ට මහජනතාව පාවා දෙනවද කියන එක...!
ඉතාමත් සාධාරණ මිලක් ගොවියාට දීලා තියෙනවා.
කිලෝවකට රු. 140 ඕනා යයි කියමින් ගොවින් ඇවිස්සු නාමල් කරුණාරත්නලාගේ නරුම්කම් සෝදා හැරීමටත්, මෙම මිල එකග නොවන ගොවීනට කඩාකප්පල්කාරීන් යයි අවලාද නැගීමට දැන් ඉතින් මාලිමා ඩොබිවරුන්ට අවස්තාව උදා වේ.
බබා හම්බ වුණා. වී සහිත මිල අනුව සහල් සිල්ලර මිල සඳහාද ගැසට්ටුවක් වහාම අවශ්‍යයි. තොග මිලට පාලන මිල අනවශ්‍යයි...!
මොන ගොන් තීරණයක්ද 120 උපරීම කියන්නේ අවම මිලනේ කියන්න තිබුණේ
ඇයි මේ අමාත්‍යාංශ තුනකින් නඩත්තු කරන වී ගොයියෝ විතරක් රකින්නේ.තේ පොල් වවන අපිට වගා හානි නෑ සහනාධාර නෑ සහතික මිලක් නෑ .හැබැයි අපි මහා භාන්ඩාගාරට සතේක බරක් නැතුව විදේශ විනිමයට දායක වෙනවා
සහල් කිලෝග්‍රෑමයක මිල රඳා පවතින්නේ ඇඹරුම් ක්‍රියාවලිය සහ වී සහල් බවට පත් කිරීමේදී සිදුවන අනෙකුත් වියදම් (ශ්‍රමය, යන්ත්‍රෝපකරණ, ඇසුරුම් කිරීම සහ බෙදා හැරීම වැනි) වැනි සාධක කිහිපයක් මත ය. සාමාන්‍යයෙන්, මෙම අතිරේක පියවර නිසා සහල් සඳහා වී වලට වඩා වැඩි මුදලක් වැය වේ. වෙළඳපොළ සහ ස්ථානය අනුව සහල් මිල කිලෝග්‍රෑමයකට වී මිල මෙන් 2 සිට 3 ගුණයක් පමණ විය හැකිය. උදාහරණයක් ලෙස, වී මිල කිලෝග්‍රෑමයකට රු. 120 ක් නම්, සහල් මිල කිලෝග්‍රෑමයකට රු. 240 සිට 360 දක්වා පරාසයක පැවතිය හැකිය. ඉතින් නාමල් කුමාරයා යථාර්ථයට මුහුණ දෙනවා, ඔබේ රෙදි ගලවා ඇවිදින්න
පොහොර සහනාධාර ලැබෙන නිසා මේ මුදල් ප්‍රමාණවත් .
මොනවා කළත් මොලේඋඩ ඉන්න කුහකයන්ට වැරදිමයි පේන්නේ?ජනතාවගේ රීර්‍රී මාන්ස හූරගෙන කාලා ,මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරලා ආසියාවේ ආස්චර්‍ය පෙන්වපු හැටිත් අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ .
නාමල් නැමැත්තා ඉස්සර කියපු සින්දුවේදී නම් කිව්වේ ගොයියන්ට 154 කුත් මදිය කියයි... දැන් කියන්නේ 120ක් හොඳටම ඇති කියයි. කලින් ආණ්ඩුවල අය ඔය හොරකම් කරා කිව්වත් මේ වගේ දෙපිට කාට්ටු කුහක අවස්ථාවාදී විදියට හැසිරුනේ නැහැ...
මොලේ උඩ ඉන්න සමහර වහලුන්ගේ කොමෙන්ට්ස් දැක්කාම කියන්න වචන නැහැ...
එතකොට 154.00ක් නිශ්පාදන වියදම යනවා නම් දැන් කිලෝ එකකින් ගොවියෝ 34.00ක් පාඩු අරගෙනද විකුණන්න ඕනෑ?
ඉතිහාසයේ කවදාවත් නොදුන්න සහතික මිලක් ලැබිලා, ඒ නිසා ටොයියන්ට බයියන්ට පොළවේ පස් කන්න වෙලා බොරුවට වැලපිලා...
ජේ.වී. ආණ්ඩුවේ යන යන තැන බාල්දි පිටින් ඇදගෙන නං නානවා. ඒ නාගන්නේ වැසිකිලි වැලකින් කියලාවත් දන්නේ නෑ. මේ වගේ උපන් ගෙයි කැත කරගත්තු බොරු කාරයෝ ටිකක් මොන ආණ්ඩුවකටවත් හිටියේ නෑ. ගොවියා තමයි හැම පැත්තෙන්ම තැලෙන්නේ. හැබැයි ඉතින් ඉල්ලන් කාපු එකේ ඔන්න ඔහොම ගියාවේ...