IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි

(යොහාන් භාසුර)

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අද (5) පැවසීය.

අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා කෝට්ටේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයේ අද (5) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යංශයට වී මිලදී ගැනීම සඳහා ලැබුණු මුදලක් අවශ්‍යතාව අනුව වී අළෙවි මණ්ඩලයට යොමු කරන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා අවශ්‍යතාව අනුව වී මිලදී ගැනීම මත මුදල් ලැබෙනු ඇති බව ද සඳහන් කළේය.  

මෙවර නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120 ක් ලබාදීමත් සමඟ එම වී කිලෝවකට ගොවියෙක්ට පෙර වතාවට වඩා රුපියල් 15 ක් ලැබෙන බවත් සෙසු වීවල මිල ද ඉහළ දමා ඇති බවත් අමාත්‍යවරයා කීය.  

ගොවීන්ගෙන් වී මිලදී ගැනීමෙන් පසුව එම මුදල් රාජ්‍ය මුදල් වීම නිසා පසුව ගෙවීමට කටයුතු කරන බවත් එසේ වුවද පසුගිය කාලයේ මෙන් මුදල් ගෙවීම දිගුකාලයක් ප්‍රමාද නොවන බවත් ඒ මහතා පැවසීය.

මෙවරව මිලදී ගැනීම වඩාත් විනිවිදභාවයෙන් කිරීම සඳහා ගබඩා භාරකරුට අමතරව සංවර්ධන නිලධාරීයෙක් සහ ගොවි සංවිධාන නියෝජිතයෙක් ද යොදවා ඇති බවත් ඒ හරහා ආණ්ඩුව මහජන මුදල් වැයකර මිලදී ගන්නා වීවලට ආරක්‍ෂාව ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (3)

වී ගන්න කෝටි 500ක් වෙන්කරයි

ගුණරත්න Wednesday, 05 February 2025 08:13 PM

මන්තිරි උතුමන්වහන්සේලාට වාහන පිනට දෙන්නත් වියදම් කරන්නේ කෝටි 500යි. මුළු රටේම කෝටි දෙකක් මිනිස්සුන්ට කන්න හාල් ගන්නත් වියදම් කරන්න කෝටි 500යි, හරි ෂෝක්. ආදරෙයි අනුරයියා...

:       8       80

උපාලි Wednesday, 05 February 2025 10:29 PM

ඔය මුදල් සම්පූර්ණයෙන්ම වී මිලදීගැනීම් වෙනුවෙන්ම පාවිච්චි කලොත් වී ටොන් 40,000 ක් තමයි මිලදී ගන්නට පුළුවන්. ඒ වී වලින් පුළුවන් හාල් ටොන් 25,000ක් නිෂ්පාදනය කරන්න. එය ලංකාවේ දින 4 ක අවශ්‍යතාවය.

:       0       48

Kazi Shajahan Thursday, 06 February 2025 09:04 AM

නාමල්ගේ හම යනවා, ලාලාගේ නම යනවා, අන්තිම දවස් වල ලාල්ලා වී ගැන වචනයක් කතා කළේ නෑ,හැංගිලා හිටියේ, දැන් ලොක්කා වගේ ඇවිල්ලා පොර ටෝක්ස් දෙනවා.

:       28       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 303 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site