(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ වාර්ෂික වී අස්වැන්න ඉහල නැංවීම අරමුණු කරගනිමින් ඉදිරි වසර 10 ඇතුළත හෙක්ටයාර් එකකට ලැබෙන අස්වැන්න මෙට්‍රික් ටොන් 5.5ක් දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුමක් සකස් කර තිබේ.
මෙම වැඩ පිළිවෙල යටතේ වසර තුනකදී ටොන් 4.7ක් දක්වාත්, වසර පහක් ඇතුළත ටොන් 5.1ක් දක්වාත් , වසර 10ක දී ටොන් 5.5ක් දක්වාත් වී අස්වැන්න ඉහල නැංවීම අරමුණු කර ගනිමින් සියලු අංශ ඒකාබද්ධ වෙමින් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය පැවසුවාය
ඒ අනුව බීජ නිෂ්පාදනය, පාංශු පරීක්ෂාව, කාබනික හා රසායනික පොහොර ඵලදායීව යොදා ගැනීම, වී වගාවට නව තාක්ෂණය හඳුන්වා දීම, අස්වනු අලෙවි කිරීම හා කල් තබා ගැනීම හා කෘමිනාශක හා වල්නාශක භාවිතය ආදි සෑම අංශයක්ම ඉලක්ක කරමින් මෙරට වී වගාව පුළුල් කිරීමට අවධානය යොමු කර තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය කීවායෙ
බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා කීවේ.
ෙබතලගොඩ වී පර්යේෂණායතනය විසින් නිපදවා ඇති BG 369 නැමැති වී ප්‍රභේදය බස්නාහිර පළාතේ කුඹුරු වලින් ඉහළම වී අස්වැන්නක් ලබා ගැනීම සඳහා නිර්දේශ කළ හැකි බවත්, එම වී ප්‍රභේදය මගින් හෙක්ටෙයාර් එකකට වැඩිම වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි බවත්ය.
මෙම වසරේ බීජ වී නිෂ්පාදනය සඳහා හෙක්ටෙයාර් 8000ක් වෙන් කෙරෙන අතර ඒ සඳහා ගොවින් 10,000කට විශේෂ පුහුණුවක් ද ලබා දීමට නියමිත බවද ඒ මගින් සමස්ත බීජ වී අවශ්‍යතාවයෙන් සියයට 25ක් නිපදවීම ඉලක්ක කර ඇති බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කලිනුත් අපට එවැනි ඉලක්ක තිබුණා. එවා අසාර්ථක වූයේ ඇයිදැයි අධ්‍යයනය කරන්න.
සැලසුම් වලින් වාර්තාවක් තබනු රටක්,