
(මනෝප්‍රිය ගුණසේකර)
බලධාරීන් හිතාමතාම තමා පළමු ග්‍රෙණීයට උසස් නොකිරීමෙන් වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා වීමේ අවස්ථාව තමාගෙන් ගිලීහී ගිය බව සඳහන් කරමින් විශ්‍රාමික නියෝජ්‍ය වන සංරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් ලලිත් ගමගේ මහතා ගොනු කළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් 15 වැනිදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
2019 වසරේදී තමන් පළමු ශ්‍රේණියට උසස් කිරීමට නියමිතව තිබූණත් හිටපු වන සංරක්ෂක ජනරාල්වරයා විසින් හිතාමතාම තමන් විශ්‍රාම යනතෙක් පළමු ග්‍රෙණීයට උසස් නොකර පළමු ශ්‍රේණියේ වැඩබලන නිලධාරියෙකු ලෙස තබාගෙන සිටීමෙන් තමන්ට මෙම අසාධාරණය වු බවද පෙන්වා දෙමින් ලලිත් ගමගේ මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත.
තමන්ට නියමිත උසස්වීම් සහ හිඟ වැටුප් ලබාදෙන්නැයි ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය වනසංරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් ලලිත් ගමගේ මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා ආචාර්ය සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණී” විශ්‍රාමික නියෝජ්‍ය වනසරක්ෂක අධ්‍යක්ෂක ජනරාල් ලලිත් ගමගේ මහතා ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වන සංරක්ෂක අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසන් නම් කර ඇත.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමා විශ්‍රාම යනවිට දෙවැනි ශ්‍රේණියේ නියෝජ්‍ය වනසංරක්ෂක අධ්‍යක්ෂ ජනරාල්වරයකු වශයෙන් වශයෙන් කටයුතු කළ බවත් 2019 අප්‍රියෙල් 20 වැනිදා තමන් පළමු ශ්‍රේණියට උසස් කිරීමට නියමිතව තිබූණත් තමන් විශ්‍රාම යන තෙක්ම පළමු ශ්‍රේණියේ වැඩබලන නිලධාරියෙකු වශයෙන් තබාගෙන සිටි බවත් වන සංරක්ෂක ජනරාල්වරයා විසින් මෙය හිතාමතාම කළ ක්‍රියාවක් බවත් සඳහන් කරන පෙත්සම්කරු මේ හේතුවෙන් තමන්ට නියමිත වැටුප්තලය සහ උසස්වීම් අහිමි වූ බවද සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd