IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


විපක්‍ෂයේ විරෝධයන් කොළඹ මහ නගර සභාව රත්වෙයි

(යොහාන් භාසුර)

කොළඹ මහ නගර සභාවේ නාගරික තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරු කාර්ය මණ්ඩලයේ දීමනා ඉහළ දැමීමේ යෝජනාවට සමඟි ජනබලවේගය ඇතුළු විපක්‍ෂය මන්ත්‍රීවරු රැසක් විරෝධය දැක්වීමෙන් නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මියට මහ සභාව විනාඩි 5 ක් කල්තැබීමට අද (10) සිදුවූවාය.

කොළඹ මහ නගර සභාවේ දෙසැම්බර් මස මහ සභා රැස්වීම කොළඹ 7, පිහිටි නගර ශාලාවේ සභා රැස්වීම් ශාලාවේදී අද (10) පැවැත්විණි.

මුදල් කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසුව මහ සභාවට ඊයේ (10) ඉදිරිපත් කළ අවස්ථාවේදී එම යෝජනාවේ අඩු පාඩු තිබීම නිසා ඒවා සංශෝධනය කළ යුතු බවත් එසේ නොවේ නම් බෙදීමක් අවශ්‍ය බවත් සමඟි ජනබලවේගයේ නාගරික මන්ත්‍රී මහේන්ද්‍ර දර්ශන ද සිල්වා මහතා පැවසීය. “වරිපනම් ආදායම් උත්පාදනය කාර්යයේදී තක්සේරු ප්‍රතිශෝධන කටයුතු කිරීම සඳහා 2-014 වර්ෂයේදී අනුමත දීමනාව කාලීනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තක්සේරු කාර්ය මණ්ඩලය විසින් එම දීමනාව වැඩි කිරීම සඳහා කරනු ලබන යෝජනාව” යැයි මුදල් කමිටුවේ කොටක් ලෙස ස්ථාවර කමිටු වාර්තාවලින් උපුටාගත් කොටස් සළකා බැලීමේ අවස්ථාවේ 141 වැනි කොටස ලෙස සභාව කාරක සභාවක් බවට පත්වූ අවස්ථාවට නගරාධිපතිනිය ඉදිරිපත් කළාය.

එහිදී නැඟීසිටි සමඟ ජනබලවේගයේ මන්ත්‍රී රෝයි බෝගහවත්ත මහතා පැවසුවේ පාලක ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන සියලුම යෝජනාවට අත ඉස්සිය නොහැකි බවත් මෙම දීමනා ඉහළ දැමීමේ යෝජනාව වසර ගණනාවක් සඟවාගෙන සිටි යෝජනාවක් බවත්ය.

නගර සභාවේ සේවකයන්ට දීමනා වැඩි කිරීමට විපක්‍ෂය විරුද්ධ නොමැති අතර එම යෝජනා නැවත නාගරික මන්ත්‍රීවරුන්ට ගැටලුවක් නොවන ආකාරයට ඉදිරිපත් කළ යුතු බවත් රෝයි බෝගහවත්ත මහතා කීය.

උප නගරාධිපති හේමන්ත කුමාර සහ මන්ත්‍රී ටෝනි රම්සි යන මහත්වරු එම යෝජනාවට පක්‍ෂව අදහස් දක්වමින් සංශෝධනවලට යටත්ව සම්මත කරන ලෙස යෝජනා කළහ.

 



අදහස් (1)

විපක්‍ෂයේ විරෝධයන් කොළඹ මහ නගර සභාව රත්වෙයි

මංඩුක Wednesday, 10 December 2025 05:17 PM

කොළඹ රටේ ප්‍රධානම නගරයයි. ඒකෙ ජනතා නියෝජිතයෝ විදිහට තෝරා පත්වෙන්නේ මැරයෝ සහ විවිධ හොඳම ක්‍රියාවල යෙදෙන අය...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 499 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 471 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site