(යොහාන් භාසුර)
රටපුරා පැය 5 ක පමණ කාලයක් විදුලිය බිඳ වැටීමෙන් රුපියල් කෝටි 600 ක පමණ ආර්ථික හානියක් වූ බවත් විදුලිය බිඳ වැටීමෙන් වැලැක්වීමට මහජන උපයෝගිතා කොමිසම පසුගිය වසරේ (2022) සැප්තැම්බර් මස නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයෙන් කළ නිර්දේශ පැහැරහැරීම එයට හේතුව බවත් මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිර්දේශ විදුලිබල අමාත්‍යංශය සහ ලංකා විදුලිබල මණ්ඩලයට නිකුත් කළ බව කී රත්නායක මහතා එම නිර්දේශ පැහැරහැරීම පිළිබඳව වර්තමාන විදුලිබල අමාත්‍යවරයා සහ විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා වගකිවයුතු බව ද සඳහන් කරයි.
මෙවැනිම ආකාරයේ විදුලිය බිඳ වැටීමකින් 2021 වසරේ දෙසැම්බර් මස 3 වැනිදා රුපියල් කෝටි 1500 ක පමණ ආර්ථික හානියක් වූ බව රත්නායක මහතා වැඩි දුරටත් කීයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවේදනයට ස්තුතියි. හැබැයි ඔයා ජනාධිපති වෙන්න හදන්න එපා. මේ විදුලි බිඳ වැටීම ඔයාගේ කුමන්ත්‍රණයක් ද කියලාත් මට සැකයි.