(නිමල කොඩිතුවක්කු)
නිවැරදි සත්‍ය තොරතුරු බය නැතිව ජනතාවට ඉදිරිපත් කරන මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (1) පැවසීය.
ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ ගමනට තවත් ව්‍යාපෘතියක් රජය ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව විකාශන නියාමන පනත හරහා විකාශන නියාමන කොමිසමක් ස්ථාපිත කර රටේ මාධ්‍ය මර්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදය මංකොල්ල කෑමට රජය නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
රූපවාහිනී මාධ්‍ය බලපත්‍රය වලංගු වන්නේ නව පනත සම්මත වී මාස 6කට පමණක් බවත් ඉන් පසුව වාර්ෂිකව බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලියකට රූපවාහිනී නාලිකා යොමු කිරීමට කටයුතු කර බවත්
විපක්ෂයේ පක්ෂ විධායක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වූ අවස්ථාවේදී ඔහු පැවසීය.
බලපත්‍රය ලබා දීමේ දී අදාල මාධ්‍ය ආයතනය රජයට ගැති හෝ එසේ නොමැති ද කියා සොයා බලන බවත් එය පදනම් කර ගෙන බලපත්‍ර තහංචි ඇති කර මාධ්‍ය මර්ධනයේ අලුත් පරිච්ඡේදයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් විපක්ෂ නායකවරයා කීවේය.
එහි ප්‍රතිඵලයක් ලෙස රජය මෙමෙ කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිත බවත් මේ හරහා දැවැන්ත ලෙස මාධ්‍ය මර්ධනයක් සිදු කර ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් සිදු කරන බවත් ඔහු පැවසීය.
අධිකරණයේ පිහිට පතා මේ ක්‍රියාවලිය කෙසේ හෝ පරාජය කරන බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතත් හඬ නගන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී. එල් පීරිස්, එම්. ඒ සුමන්තිරන්, ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි, එරාන් වික්‍රමරත්න යන මහතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විකාශන නියාමන පනතට එරෙහිව විපක්ෂයේ පක්ෂ රැස්වෙයි
aravinda Monarawila Thursday, 01 June 2023 04:52 PM
රනිල්ට, රාජපක්ෂලාට තියා අනුරට විරුද්ධවත් කෙළින් යමක් කියන්න බය මෙයා ගැන රටේ මිනිස්සු දන්නවා. නිකන්ම කටින් බතල හිටවන පොරක් කියලා...
මහසෙන් Thursday, 01 June 2023 05:15 PM
අහිතකරයි කියලා මෙයාම දෙස් තියපු පනත් පරාද කළහැටි රට්ටු දැක්කා පහුගිය කාලේ... එක්කෝ පාර්ලිමේන්තුවෙන් නැගිටලා යනවා. නැත්නම් උසාවි යනවා කියනවා. නැත්නම් ජාත්‍යන්තරයට කියනවා කියනවා. ඒ අස්සේ ආණ්ඩුව වැඩේ කරනවා. මෙහෙම වෙන්න ජනාධිපති කෙනෙකුයි, එයාටම හරියන මයික් ටයිසන්ලා ටිකයි ඉන්නකම් මේ විදියට නැතුව... වෙන විදියකට වැඩ වෙන්නෑ...