IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වැලිකන්ද හිටපු OIC ගේ සියලු දේපොළ තහනම්

(නිමල් ජයරත්න )

කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාලව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්න්තු නිකුත් වී, අධිකරණය මගහරිමින් සිටින වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගේ දේපොළ හා වත්කම් තහනම් කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අන්වර් සදාක් මහතා නියෝග කළේය.

පොලිස් පරීක්ෂකවරයකු වන සැකකරු අසනීප නිවාඩු වාර්තා කර ප්‍රදේශයෙන් බැහැරව ගොස් ඇති බවට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කළ දැනුම්දීමකට අනුව අධිකරණය මෙම පියවර ගෙන තිබේ.

බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට ගන්නා ලද කිරි ගවයින් විසි දෙනෙකු ඉකුත් වසරේ සැප්තැම්බර් 23   වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු එම ගවයින් රජයට අයත් සත්ව ගොවිපලකට භාර දෙන ලෙසට පොළොන්නරුව අධිකරණය වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයට නියෝග කර තිබිණි.
 
අධිකරණ නියෝග කඩකරමින් එම එළ ගවයින් ජාවාරම්කරුවන්ටම ලබාදී මුදල් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධව වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළ අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඊයේ ( 25 ) ඔහුගේ සියලු වත්කම් හා දේපොළ තහනම් කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අන්සර් සදාක් මහතා පොලිසියට නියෝග කළේය.
 



අදහස් (2)

වැලිකන්ද හිටපු OIC ගේ සියලු දේපොළ තහනම්

අරවින්ද මොණරවිල Wednesday, 26 March 2025 09:36 AM

පරණ පුරුද්දට වැඩේ කරගෙන ගිහිල්ලා, සිස්ටම් එක වෙනස් වෙලා කියලා උන්දෑ නොදැන ඉදලා වගෙයි.

:       1       40

ජිල්බු Wednesday, 26 March 2025 09:41 AM

පුනරුප්පත්තිය ඇත්ත බවට තවත් සාධකයක්. හිටපු ඊජිප්තු ජනපති නැවත ඉපදිලා.

:       2       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 14 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site