(රෝෂන් තුෂාර)
කොළඹ Street Food අලෙවි සැලකදී කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ආපනශාලා හිමියා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය.
කොළඹ අලුත්කඩේ පදිංචි මොහොමඩ් අමීර් හම්සා අමීර් රුපියල් 50000ක මුදල් හා ලක්ෂ දහයක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සෑම ඉරුදිනකම කෙසෙල් වත්ත පොලිසියේ පෙනී සිටින ලෙසට සැකකරුට නියෝග කළේය.
කෙසෙල් වත්ත පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.
විදේශිකයෙකුට බැණ තර්ජනයක් කර අඩන්තේට්ටම් කිරීම සිදුකර ඇති සැකකරු ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් විශාල අපකීර්තියකට පත්වන ක්‍රියාදාමයක නිරතව ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකරඇති බවද පෙන්වා දුන්නේය.
සැකකරු වෙනුවෙන් නීතිඥ සංජය ගමගේ මහතාගේ උපදෙස් පරිදි පෙනී සිටි නීතිඥ මහේෂ් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අන්තර්ජාලයට වීඩියෝව මුදාහල
විදේශිකයා මෙවන් වීඩියෝවක් සැකසීමට පෙර සූදානමකින් යුතුව බීමතින් වෙළඳ සැලෙන් සැලට ගමන් කළ අයෙක් බවය.
ජපන් ජාතිකයින් චීන ජාතිකයින් ඇතුළු සෑම විදේශිකයකුම මෙම ආහාර වෙළඳ සැලට පැමිණෙන බවත් ,ඔවුන්ට ගරු මුහුමනින් ,ආචාරශීලීව භාණ්ඩ අලෙවි කිරීම සැකකරු විසින් සිදු කරන වීඩියෝ ඕන තරම් ඇති බවත් පැවසූ නීතිඥවරයා ජාත්‍යන්තර වශයෙන් ලංකාව අපකීර්තියට පත් වූයේ අදාළ වීඩියෝව යළිත් සංස්කරණය කර හඩකවා අන්තර්ජාලයට මුදාහැරීමෙන් බවත් එයට සිංහල හඬ කවා ඇති බවත් පෙන්වා දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් විදේශකයා හෝ වෙන යම් අයෙකු කළ මුල් පැමිණිල්ලක් නොමැති බවද,මෙම වීඩියෝවෙන් මෙවැනි දෙයක් බලාපොරොත්තු නොවූ බව අදාළ විදේශිකයා සිය අන්තර්ජාල ගිණුමක සටහන් කර ඇති බවද,අදාළ අන්තර්ජාල පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිඥවරයා පෙන්වා දුන්නේය.තමන් මෙවන් දෙයක් බලාපොරොත්තු නොවූ බවත්,අදාළ කාරණාවෙන් තමන් නිදහස් වනු ඇති බවට බලාපොරොත්තු වන බවත් විදේශකයා සිය සටහනේ සටහන් තබා ඇති බව කිවේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කරමින් පැමිණිලි විභාගය ලබන හත්වැනි දිනට කල් තැබීය.
COMMENTS
ඔය විදිහටම ලොකු කම්පැණිවල අයගේත් නම් ගම් දාන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සුපිරි ලෝයර් කෙනෙක්... කීයක් ගත්තාද දන්නේ නෑ...
විත්තිය වෙනුවෙන් පෙනී සිටි තක්කඩි නීතිඥයාට එලෙස විදේශිකයා එම අවස්ථාවේ බීමතින් සිටි බවට අභූත චෝදනාවක් කිරීමට නීතිය තුළ ඉඩක් තියනවාද..? හොර කොත්තු මුදලාලි රුපියල් එක්දහස් නවසීයක් වැනි අධික මුදලකට කොත්තුව අලෙවි කිරීම සම්බන්ධයෙන් විදේශිකයා ප්‍රශ්න කළ බව වීඩියෝවේ පැහැදිලිව පේන්න තිබෙනවා.... මේ හොර තක්කඩි කොත්තු කාරයාට නැවත වතාවක් මේ ව්‍යාපාරය කිරීමට ඉඩ ලබා නොදිය යුතුයි... ලංකාවේ සංචාරක ව්‍යාපාරයට විශාල කැළලක් කල මේ පුද්ගලයාව සිරගත කල යුතුයි... ලංකාවේ බහුතරයක් විකුණාගෙන කන ධර්මය මේ තක්කඩියා ඒ අවස්ථාවේ භාවිතා කල බවත් පැහැදිලියි... තව වැඩේ වෙළෙන්දෙක් බුද්ධාගමේ යයි කියමින් වැඩි මුදලට වැඩේ විකුනන්න උත්සාහ කරන වීඩියෝවකුත් අන්තර්ජාලයේ තියෙනවා දැක්කා. ඇත්තටම, ලංකාවේ අයට මොකද මේ වෙලා තියෙන්නේ..? කාගේ හරි බෙල්ල මිරිකලාද මොවුන් ජීවත් වෙන්න උත්සාහ කරන්නේ...!
විදේශිකයෙක් උන පමණින් මේ රටේ මිනිස්සුන්ට උන්ට ඕනෙම විදියට සලකන්න අපහාස කරන්න පුළුවන් කියල නීතියෙන් අවසර දීල නෑනේ..මට නම් මේ වෙලෙන්දගෙ වැරැද්දක් පේන්න නෑ.ඔහු කඩේ මුදලාලිට වදයක් වෙන විදියට හැසිරුණාට පස්සෙ මුදලාලි ඔහුට ආහාර අලෙවි කිරීම ප්‍රතික්ෂේප කරල ඔහුව එම ස්ථානයෙන් ඉවත් කරනව තමයි පේන්න තියෙන්නෙ..අනික ඇඟට අතවත් නොතිය කටින් යන්න කිව්වම ඒක අඩම්තේට්ටමක් වෙන්නෙ කොහොමද ? ඔයිට වැඩිය විදේශිකයන් අපහසුතාවට පත් කරන අය ඉන්නවා ගුවන් තොටුපළ ඇතුලෙ..පොඩ්ඩක් ඇස් ඇරල බලන්න.