(යොහාන් භාසුර)
වැට් බද්ද සියයට 18 ක් දක්වා ඉහළ දැමීමෙන් රටේ සමස්ත ජනතාව අන්ත දුගී බවට පත්කරමින් බවත් ඩීසල් සහ පෙට්‍රල් මත වැට් බද්ද පළමු වරට පැනවීම හේතුවෙන් සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යන බවත් නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (20) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල් .පීරිස් මහතා නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද (20) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද දිනයේ පැවැත්වෙන බැවින් 2024 අයවැය ලේඛනයෙ ඉරණම ශ්‍රී ලංකා පොදුජන මන්ත්‍රීවරුන්ගේ ඡන්දය මත තීරණය වන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ පොදුජන පෙරමුණේ ප්‍රබල මන්ත්‍රීවරුන් අයවැය ලේඛනය ප්‍රසිද්ධියේ විවේචනය කරත් එය යථාර්ථයක් කිරීමට නම් අයවැය ඡන්ද විමසීමේදී විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ යුතු බවත්ය.
රාජ්‍ය සේවක වැටුප් අප්‍රේල් මාස වැඩි කරන්නේ යැයි ප්‍රකාශ කිරීම නිසා එය අනාගත අපේක්ෂාවක් පමණක් බව ද මහාචාර්යවරයා කීය.
අයවැය හිගය පියවා ගැනීම සඳහා රජයට බදු පැනවීම, විදේශීය ණය ලබා ගැනීම සහ සම්පත් විකුණා දැමීම යන විසඳුම් හැර වෙන කිසිවක් නොමැති බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නාමයෙන් රජය සේවක අර්ථසාධක අරමුදල සහ භාරකාර අරමුදල ආක්‍රමණය කිරීම පමණක් කළ බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
ඇත්තටම වයස වැඩි නිසා මොලේ කොලොප්පම් වෙලා වෙන්න ඇති මෙයාගේ. නැතිනම් බදු නැතිව දුවන රටක් (ඇතැම් අරාබි රටවල් හැර) කොහෙද තියෙන්නේ කියලා මේ අප්පුහාමිට මතක් වෙන්නේ නැත්තේ ඇයි? අනික මිනිහත් මුදල් ඇමැති වෙලා හිටියනේ... කරපු හැටි අපි දන්නවනේ... හොඳයි කියමුකෝ බලන්න මිනිහා බලයට ආවොත් කරන විදිහ. අනේ මේ සීයේ පැත්තකට වෙලා ඉන්නවා හොඳයි. තරුණ අපි අපේ වැඩ බලාගන්නම්...!
ලොක්කා දැනටමත් 15% තිබෙන VAT බද්ද නේද 18% වෙන්නේ...? ඉහළ යන්නේ 3% නේද? ඇයි 18% කින් ඉහල යනවා කියලා ජනතාව නොමග යවන්නේ...!
ප්‍රශ්නය ඇයි මිලදී ගැනීමේදී භාණ්ඩයේ මිලයි අයකරනු ලබන VAT බද්දයි වෙන වෙනම බිලේ පෙන්වන්නේ නැත්තේ? මේ රටේ විස්කි බෝතලයක් ගත්තාම විස්කිවලට ඩොලර් 45 යි... GST 5% කියා වෙන වෙනම පෙන්නවනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් GST නමින් අසාධාරණ ලෙස භාණ්ඩ මිල වැඩිකරලාද කියලා...!