
(යොහාන් භාසුර)
ආණ්ඩුව සැලැස්මකින් තොරව වාහන ආනයන කිරීම නිසා ලබන වසර වන විට කෙටි සේවා බස් රථ 3,000 ක් පමණ ධාවනයෙන් ඉවත්වීමේ අවදානමක් ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ඇගයීමකින් තොරව වාහන ආනයනය කිරීමෙන් මාර්ග තදබදය තව දුරටත් ඉහළ ගොස් ඇති බව කී විජේරත්න මහතා මෙම තත්වය මත බස් රථවල ඉන්ධන වියදම ඉහළ යෑම සහ ගමන් වාර සංඛ්‍යාව අඩුවීම හේතුවෙන් බස් රථ හිමිකරුවන් එම ව්‍යාපාරයෙන් ඉවත්වීම මේ වන විටත් සිදුවෙමින් පවතින බව ද ඒ මහතා සඳහන් කළේය.
වර්තමානය වන විට දිනකට යතුරුපැදි 1,000ක් පමණ දිනකට ලියාපදිංචි වන අතර සෙසු වාහන ද අඩුවකින් තොරව ලියාපදිංචි වන බවත් මීට පෙර දිනකට පිටකොටුවේ සිට කොට්ටාවට ගමන්වාර පහක් ධාවනය කළ බස් රථයකට වර්තමානය වන විට ගමන් වාර තුනක් පමණක් ධාවනය කළ හැකි තත්නවයක් උදාවී ඇති බවත් ඒ මහතා කීය.
මීට පෙර පැයට කිලෝමීටර 5 ත් 6 ත් අතර වේගයකින් ධාවනය කළ බස් රථයකට අද වන විට පැයකට කිලෝමීටර 3 ක්වත් ධාවනය කළ නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව කී විජේරත්න මහතා වාහන ආනයනය සීමා නොකළහොත් පාගමනින් හෝ යෑමට නොහැකි තත්වයක් උද්ගතවනු ඇති බව ද සඳහන් කළේය.
මෙම දැඩි වාහන තදබදය හේතුවෙන් ඉන්ධන නාස්තිය තව දුරටත් ඉහළ යන බවත් රුපියලි බිලියන 1000 ක පමණ ඉන්ධන වසරකදී මාර්ග තදබදයේදී දහනය වීමෙන් අපතේ යනු ඇතැයි සමීක්‍ෂණයකින් හෙළිවී ඇති බවත් ගැමුණු විජේරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 ඔක්තෝබර් මස 08
1368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1267
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
462
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වාහන ආනයනයෙන් බස් 3,000ක් අනතුරේ
Rohan Friday, 24 October 2025 07:28 PM
තවත් දේශපාලන ඉත්තෙක්. හැම තීරණයක්ම ප්‍රවීණයන්ගේ උපදෙස් මත වෙන්නේ කළබල වෙන්න එපා උකුස්සා...
බස්තියන් Friday, 24 October 2025 07:32 PM
අපිට අපේ නගරයේ සිට ප්‍රධාන නගරෙට දුර කිලෝමීටර් 29-30 ක් දුරයි මේ ගමනට ගතකරන කාලය පැය එක හමාරක් විතර වෙනවා. එයට අඩු කාලයකින් යන්න පුලුවන් වුණත් යන්නේ නැහැ. දුර ගමන් සේවයක බසයකින් විනාඩි 45 කින් පමණ යන්න පුළුවන් දැන් බලන්නකෝ ගමේ සිට යන බසයේ ගිහිල්ලා ආපසු එන්න පැය තුනයි දුර ගමන් සේවයක පැය එකහමාරයි කාලය රන් හා සමානයි කියන්නේ... මොකටද ඇත්තෙන්ම මොහුගේ අදහස නිවැරැදියි කරනවා නම් කරන්න තියෙන්නේ රටපුරා විධිමත් දුම්රිය සේවයක් හා නැවතුම්පොළට සම්බන්ධ ප්‍රවාහන පහසුකම් සැලසීම තමයි ඉන්ධන වියදමත් අඩුවෙනවා රටේ සංවර්ධනයත් වෙනවා ඇත්තටම දැන් දැන් යතුරුපැදි සහ ත්‍රිවිලර් අයින්කිරීම කරනවා නම් හොදයි...
Agith Friday, 24 October 2025 07:39 PM
ඕගොල්ලන්ගෙ බස්වල යන්නැත්තේ කොට කොටා යන හින්දා. දෙතුන් දෙනෙක් එකතුවෙලා පික්මී යන එක ලාබයි ලේසියි ඉක්මන්...