
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ වරායේ ඉහළ වටිනාකම් සහිත සුපෝපභෝගි වාහන හත්සීයක් පමණ තවමත් සිරවී ඇති බව සමග ජනබලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
කාලයක් තිබීම හේතුවෙන් මෙම වාහන පාවිච්චි කිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් එම වාහනවල සංවේදී උපකරණ සියල්ල විනාශ වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම වාහන බදු අය කර නිදහස් කිරීමට නොහැකි නම් වෙන්දේසි කර දමන්න යැයි ඔහු ඉල්ලීමක් කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජු සියඹලා පිටිය මහතා පැවසුවේ නඩු කටයුතුවලට අදාළ වාහන මෙසේ රඳවා ඇති බවයි.
සමහර වාහන මෙරට මාර්ගවල පාවිච්චි කිරීමට නොහැකි ඒවා බවද ඔහු කීවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.