නැවතත් වැසි සමය ඇරැඹිණි. වැසි කාලයට දැනෙන සීතලත් සමඟ ලෙඩ රෝග ගණනාවක්ම පැතිරී යන කාලයකි. එනිසා මේ කාලෙදිත් අපගේ ශරීර සෞඛ්‍ය ගැන නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන් අපගේ ආහාර පාන සනීපාරක්ෂාව සඳහාද අවධානය යොමු කළ යුතු වේ.
මේ දිනවලදී ප්‍රදේශ රැසකට තද වැසි වැටීමත් සමඟ ගං වතුර තත්ත්වයක්ද මතුවී ඇත. එබැවින් එම ප්‍රදේශවල වෙසෙන ජනතාවට පිරිසුදු පානීය ජලය සොයා ගැනීම ගැටලුවකි. සැමදෙනාටම මේ කාලයේදී ලබා දිය යුතු පොදු උපදෙස් කිහිපයකි.
♦ ඔබ මේ දිනවලදී ළිං ආශ්‍රිතව, ඇළ ,දොළ, ගංගාවලින් පානීය ජලය පෙරා ගැනීමෙන් අනතුරු පානය කළ හැකියි.
මන්ද ගං වතුරට යටවී සතුන්ගේ මළ සිරුරු, අසූචි ද්‍රව්‍ය පවා මිශ්‍රවී පැවතිය හැකියි. අධික තාපය හමුවේ විසබීජ විනාශ වී යයි. එනිසා මෙවන් වකවානුවක අපි සෞඛ්‍යය ගැන හිතනවානම් අපි අනුභව කරන දෑ මෙන්ම පානය කරන දෑ ගැනත් වැඩිපුර සිතුවාට වරදක් නැත.
♦ ගං වතුර තත්ත්වයට හසුවූ පිරිස් තම ළිංවලින් නැවතත් ජලය ලබා ගත යුත්තේ ගං වතුර තත්ත්වය බැස ගියාට පසුවය. ළිඳ හිඳීමද මෙහිදී අනිවාර්යෙන්ම කළ යුතු වේ. අනතුරුව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ උපදෙස් මත ක්ලෝරීන්කරණය කළ හැකියි. ඉන්පසුව වුවද ජලය පානය කිරීමට ගත යුත්තේ හොඳින් රත්කර ගැනීමෙනි.
♦ ඒ වගේම වතුරට යටවී ඇති පළා වර්ගද අමුවෙන් හෝ සලාද ලෙසින්වත් ආහාරයට නොගත යුතුයි. ගං වතුරට යටවූ එළවළු, පළා වර්ග වුවද හොඳින් පිස ආහාරයට එකතු කර ගන්න.
♦ ඒ වගේම මේ දිනවලදී ආහාර නිවුණු පසු අනුභවයට ගන්නවාට වඩා හොඳින් රත් කර මඳ රස්නය තිබියදී ආහාරයට ගැනීම ඉතා සුදුසුයි.
♦ වැසි කාලයේදී විසබීජ ශරීර ගත වීමට ඇති අවකාසය වැඩියි. එවැනි අවදානම් අවස්ථාවලට ඉඩ නොතබා කටයුතු කිරීම තුළ අනාගතයේදීත් මේ ගතවෙන මොහොතේත් නිරෝගී පුද්ගලයකු සමාජයට දායාද වනු ඇත.
-සටහන- මාධවී ධර්මරත්න
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
වැසි සමයේ නිරෝගීකම රැක ගනිමු