(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ඇමරිකාවේ සිට ගමන් අරඹා ඇති ඩාර්ලි නමැති නෞකාව අන්තරායකර අපද්‍රව්‍ය කන්ටේනර 764ක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින බවට තොරතුරු අනාවරණයවී ඇති හෙයින් මහ විනාසයක් වීමට පෙර කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (2) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී කතානායකවරයාගේ අවසරය ඇතිව ප්‍රකාශයක් කරමිනි.
මහාචාර්ය චරිත හේරත් මහතා මෙසේද පැවසීය.
මීට පෙර මේ වගේ ප්‍රශ්නයකට අපි මුහුණ දුන්නා. නැව් දෙකක් ශ්‍රී ලංකා මුහුදේදී අනතුරට ලක්වුණා. මේ නැව අමෙරිකාවේ මේරිලන්ඩ්හි බෝල්ටිනෝ වරායෙන් පිටවෙලා තියෙනවා. ඩාර්ලි නැවේ කන්ටේනර් 4644ක් තියෙනවා. මින් 764ක අන්තරායකර අපද්‍රව්‍ය ඇති බවට හඳුනාගෙන තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර විපක්ෂයට ගිය ගොඩ හේවා මන්ත්‍රී දැන් ගනගාටු වෙනවා ඇති. මේ වෙලාවේ ඔහු ආණ්ඩු පක්ෂයේ හිටියා නම්, නාගන්න පුළුවන්.
මීට කලිනුත් ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයෙක් විසින් පිට රටක සායනික විෂ අපද්‍රව්‍ය රටට ගෙනල්ලා මුදල් හම්බකරගත්තා. මේවා කරන්නේ රේගුවෙත් අනුදැනුම ඇතිවයි. මේ නැව අණතුරකට පත් නොවුනා නම් රටට විශාල හානියක් වෙන රසායනික අපද්‍රව්‍ය එහි තිබුණා. මෙවැනි ව්‍යාපාර මගින් හම්බ කරන අය රටට හෙළිකර දැඩි ලෙස නීත්ය ක්‍රියාත්මක වූවා නම් හොඳයි . නමුත් එහෙම වෙන්නෙ නෑ
අර අසූචි නව පිටිපස්සේ ඉන්න කට්ටිය සද්ද නැද්ද ?