
(සුජිත් හේවාජුලිගේ)
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය.
විෂ තෙල් අානයනය සදහා එම ආනයනකරුවන් ඇමරිකානු ඩොලර් කෝටි 11000ක් වැය කර ඇතැයි පැවසූ හෙතෙම මෙය සමාජ සමූල ඝාතනයකට යටත් වන මහ මිනීමැරුමකැයිද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹදී පෙරේදා(30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
රසායනිකව පිරිපහදු කරන ලද ආනයනික කෘතීම තෙල් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් ලෙස සලකා වැට් බද්දෙන් නිදහස් කර දේශීය පොල්තෙල්කරුවන්ගේ පොල්තෙල් කිලෝවකට රජය රුපියල් 160 ක වැට් බද්දක් අය කිරීම අසාධාරණ බවත් බුද්ධික ද සිල්වා මහතා පැවසීය.
දූෂිත ආනයනකරුවන්ට ලබාදී ඇති බදු සහන වහාම ඉවත් කර පෙර තිබූ රුපියල් 350ක බද්ද නැවත ස්ථාපනය කරන ලෙසත් දේශීය ස්වභාවික පොල්තෙල් කර්මාන්ත නිපැයුම් වැට් බන්දෙන් නිදහස් කරන ලෙසත් කැඳවුම්කරු රජයෙන් ඉල්ලීමක් කරයි.
විෂ තෙල් ආනයනය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට පොල් සංවර්ධන අධිකාරිය පාරිභෝගික අධිකාරිය සහ සෞඛ්‍ය අධිකාරියට නියෝග නිකුත් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටී.
බුද්ධික ද සිල්වා මහතා මෙසේද පැවසීය
ස්වභාවික නාමය හරහා ගෙන්වන මෙම තෙල් තැන්පත් කරන්නේ කොළඹ රජයේ ටැංකි කිහිපයක. තෙල් ජාවාරම්කරුවන්ට එක්තරා දේශපාලඥයකුත් සම්බන්ධයි. විකෘති තෙල් ආනයනය සම්බන්ධයෙන් මේ ජාවාරම්කරුවන්ට නඩු කීපයකුත් තියෙනවා.
හෝටල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ඇතුළු පිරිසක්ද මෙහිදී අදහස් දැක්වූහ.
ඡායා; සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා අදහස්
COMMENTS
කෘත්‍රිම තෙල්... කියන්නේ මොනවාද? පැහැදිලි කරන්න...
තෙල් කිලෝ කෝටි 8000/ (ජනගහනය කෝටි 2.2*365) = කිලෝ 9.96 එනම් දවසකට එක පුද්ගලයෙක් මෙම තෙල් ලීටර් 12.5 ක් කනවා වෙන්න ඕනෑ...
මේවා වෙළඳපළට හඳුන්වා දෙන නම් කියන්න. එතකොට අපි කොච්චර ලාභ වුණත් නොගෙන ඉන්නවා.
මෙතරම් හර්ද්‍යාබාද, මොලේ ලේ සිරවීම සහ පිලිකා ආදීය වෙන්නේ මේ ජරා තෙල් පාවිච්චිය නිසයි. මේ කුණු තෙල් සියල්ල විනාශ කර දමන්න. මේ රටේ ඕනෑ තරම් තෙල් සිඳගත හැකි බෝග තිබෙනවා, ඒවා ප්‍රවර්ධනය කරන්න. මේ විස තෙල් ආනයනකරුවන්ගේ දේපල රජයට පවරාගෙන ඔවුන් සිරගත කරන්න.
දැන්ද කියන්නේ ?මෙච්චර කල් මොකද කලේ ?
වැල් පාලමේ ළමයා එක්කගෙන ගියපු හැටි...
මෙහෙම දෙයක් ඇති. නමුත් මොවුන් කිඹුල් කදුලු හෙලන්නේ මිනිසුන්ට තියෙන ආදරේට නොව ඔවුන්ට කෙලවෙන නිසාය. සමහර ගණන් බැලුවිට අතිශොක්නියකින් පල කර ඇත. මෙරට වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාවය ටොන් 240000යි. මොවුන් කියන විදියට ටොන් කෝටි 8ක් මේ වසරේ එවලා. ඒ කියන්නෙ සාමාන්‍ය පරිභෝජනය වගේ 3000ක ගුණයක්. මාධ්‍ය සාකච්ඡාවක් තියලා ප්‍රවෘත්තියක් කියනකොට ඒවා කොච්චර දුරකට මිනිස්සු පිලිගනීද කියල බලන්න ඕන. ඔයාලත් දේශපාලකයො වගේ බොරු කියන්න යන්න එපා. මම මේ කියන්නේ විස පොල්තෙල් ගැන නෙමේ.
ඔච්චර දන්නවා නම් කියන්නකෝ, එතකොට අපි ගන්නේ නෑ. කැන්ටින් වලට ගන්නේත් බාල පොල්තෙල් නේද මහත්තයෝ...?