
(සුමිත් පොතුපිටිය)
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර වලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය.
පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාට ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගේ පියා නාරාහේන්පිට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කොට විශ්‍රාම ගොස් ඇති අතර , ඔහු මියයාමෙන් පසු මවට විශ්‍රාම වැටුප හිමිව තිබූ බව පොලිසිය කීය.
සැකකරු මව සමග බද්ධ ගිණුමක් ආරම්භ කර විශ්‍රාම වැටුප ලබාගෙන ඇති අතර, මව වසර එකහමාරකට පෙර මියගොස් ඇති අතර , ඇය මියයාමෙන් පසුව රුපියල් ලක්ෂ හයකට අධික මුදලක් වංචාකාරී ලෙස ලබාගෙන ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය සදහන් කරයි.
COMMENTS
ඉතින් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ විශ්‍රාම වැටුප් නිළධාරීන්ගේ වරදක් නිසානේද මෙහෙම වෙලා තියෙන්නේ කියල කාටවත්ම හිතෙන්නේ නැද්ද සාමාන්‍යයෙන් සෑම වසරකම විශ්‍රාමිකයින් තමන් ජීවත්වෙලා ඉන්නවා කියල ග්‍රාම සේවකට කියන්න ඕන නේද? එහෙම නොකිව්වා නම් විශ්‍රාම වැටුප් නවතනවා ඉන්නවා කිව්වනම් ග්‍රාම නිළධාරි වරදක් කර තියෙනවා ඒ නිසා ගත්තු එකාටම දොස් කියල වැඩක් නැහැ අනවධානයෙන් හෝ පුද්ගලික වාසිතකා කටයුතු කළ අයටත් දඩුවමක් දෙන්න ඕන
විශ්‍රාම වැටුප හිමි පුද්ගලයා අදාල බැංකුවට හැම මසකම ගොස් අදාල නිලධාරීන් ඉදිරිපිට පෝරමයකට අත්සන යේදු පසු තමයි මුදල් එකවුන්ට් එකට එන්නේ...
තඹුත්තේගම පැත්තේ එක්කෙනෙක් නෙවේ නේද?