IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


වසරකදී හමුවන පිළිකා රෝගි දරුවන් ගණන ඉහළට

(සුජිත් හේවාජුලිගේ )

මෙරට වසරකදී වාර්තාවන පිළිකා රෝගී දරුවන් සංඛ්‍යාව 750ක් දක්වා ඉහළ නැග ඇතැයි  කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.

මෙම සංඛ්‍යාව මීට  පෙර පැවතුණේ 500ක පමණ සීමාවේ යැයිද  හෙතෙම සඳහන් කළේය.

ලිව්කේමියාව සහ මොළයේ පිළිකාව දරුවන්ට වැඩි වශයෙන්   වැළඳෙන  පිලිකා වර්ගයන් බව පැවසූ  විශේෂඥ වෛද්‍යවරයා  දරුවන් වැඩිදෙනෙකුට  වැළඳෙන පිළිකා නිවැරදි වෛද්‍ය උපදේශන යටතේ  සුව කළ හැකි බවද ප්‍රකාශ කළේය.

සමහර මවුපියන්  මිත්‍යා මත  පසුපස ගොස් දරුවන් වැරදි ස්ථානවලට  යොමු කිරීම නිසා  ලෙඩේ සුවකර ගැනීමට ඇති අවස්ථාව මගහැර ගන්නා බවද දීපාල් පෙරේරා මහතා කීවේය.

දරුවන්ට මුල් මාස හයේදී මවුකිරි නිසියාකාරයෙන් ලබාදීමෙන් පිළිකා ඇතිවීම බොහෝ දුරට  වළක්වාගත හැකි බවත්  මවුකිරි  නිසියාකාරව ලබාදීමෙන්  මවුවරුන්ට  පියයුරු පිළිකා ඇතිවීමද වළක්වා ගත හැකි බවත්  හෙතෙම පෙන්වා දුන්නේය.

දරුවන්ට පිළිකා ඇතිවීමට විවිධ කෙටි කෑම වර්ගද හේතු වන බව තහවුරුවී  ඇතැයි පවසන  පෙරේරා මහතා  විශේෂයෙන්ම එළවළු පලතුරු ආහාරයට ගැනීම සහ  දිනපතා ව්‍යායාම කිරීමද  පිළිකා ඇති ඇතිවීම වැළැක්වීමට  ඉවහල් වන බව  ප්‍රකාශ කළේය.

වැඩිහිටියන්ට පිළිකා ඇතිවීමට ප්‍රධාන හේතුව සිගරට් සහ මත්පැන් පානය බවද ඔහු සඳහන් කළේ‍ය.

ලෝක පිළිකා දිනය  හෙටට යෙදී ඇති අතර  ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් රටපුරා  සංවිධාන කෙරෙන බවද  විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

වසරකදී හමුවන පිළිකා රෝගි දරුවන් ගණන ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site