IMG-LOGO

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනතට එරෙහි පෙත්සම් දෙකක්

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට සදහන් කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ නිලධාරින් පිරිසක් සහ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන අයවලුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් අද  (26) ගොනු කළහ.

නිතීඥ මංජුල බාලසූරිය සහ සිදත් ගමගේ යන නිතීඥවරුන් විසින් ගොනුකරනු ලැබ තිබූ මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නම්කර ඇත්තේ, නිතිපතිවරයාය.

භාණ්ඩ හා සේවා බදු පනතේ කෙටුම්පත නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති බවත්,  එම කෙටුම්පතෙහි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එම පෙත්සම්වලින් දක්වා ඇත.

මෙම කෙටුම්පතෙහි 2(3) ඡේදයට අනුව විශේෂ භාණ්ඩ හා සේවා සදහා බදු පැනවීමට අමාත්‍යවරයාට බලය පැවරෙන අතර, මෙම වගන්තිය මගින් පාර්ලිමේන්තුවේ බලය ඛාදනය වන බවත් එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76(1) වගන්තිය උල්ලංඝනය වන බවත් පෙත්සම්වලින් පෙන්වා දි තිබේ.

තවද මෙම පනත් කෙටුම්පත මගින් එකතු- කරන ලද බදු මුදල් පාර්ලිමේන්තුවේ පාලනයෙන් සහ විගනනයෙන් තොරව පෞද්ගලික ගිනුම්වල බැර කිරිමට බලය ලැබෙන බවද පෙත්සම්වලින් සදහන් කර ඇත.

මේ හේතුවෙන් මෙම පනත් කෙටුම්පතහෙි වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව ප්‍රකාශ කරන ලෙසත්, මෙම කෙටුම්පත සම්මත කිරීම සදහා ජනමත විචාරයකින් සම්මත කර ගැනීමට නියෝගයක් නික-ුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් එම පෙත්සම්වලින් ඉල්ලා තිබේ.



අදහස් (0)

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනතට එරෙහි පෙත්සම් දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site