
(සුජිත් හේවාජුලිගේ)
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දින කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත.
එසේම විදේශ ගමන්වලින් වැළකී සිටින ලෙසටද දන්වා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
විශ්වාසභංග යෝජනාව ලබන 10 වැනිදා විවාදයට ගැනීමට නියමිතය. යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම එදින සවස පැවැත්වේ.
මේ අතර විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ බොහොමයක් එකඟත්වය පළ කර ඇත.
බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව බාර දෙනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමාගේ විශ්වාස භංගය අහලා මාගන්දියාගේ කතාව මතක් වුණා. නොමලත් මළා වැනියි.
විශ්වාස භංගය පරදින බව කියන්න අවශ්‍ය නෑ. 158ක් මන්ත්‍රීවරු මාලිමාවට ඡන්දය දෙනකොට. මෙතන අවශ්‍ය සත්‍යය ඉස්මතු වී මහජනතාවට පැහැදිලි වීමයි. මේ වැදගත් අවස්ථාවක් නිසා මන්ත්‍රීවරුන්ට නිදහසේ කතා පැවැත්වීමට ඉඩදීම වටිනවා. විශේෂයෙන්ම අති මහත් බහුතරයක් තියන මාලිමාවේ මන්ත්‍රීවරු විනයගරුකව මෙහයවීම කතානායකවරයාට ඇති වගකීමක්.
හරි නම් ජෙවීපී අය මේකට පක්ෂව චන්දේ දීය යූතුයි . මොකද කෙහෙලිය ගේ එකට චන්දේ දුන්නා ම මේ අය එ අයව විවේචනය කළ නිසා. මේ කෙන් බලන්න පුලුවන් මේ අයගේ ප්‍රතිපත්තිය මොකක්ද කියා.