IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


වව්නියාවේ පා පැදි සොරකම් කළ දෙදෙනකු අත්අඩංගුවට

( රොමේෂ් මධුෂංඛ)
වව්නියාව නගරයෙ විවිධ ස්ථානවලින් පාපැදි සොරකම් කර විකිණීමේ ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු  අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය පැවසීය.

වව්නියාව පොලිස් අපරාධ අංශයට ලැබුණු පැමිණිළි වලට අනුව එහි ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ සොරකම් කරන ලද පාපැදි  අත්අඩංගුවට ගැනීමට සමත් වීය.

එහිදී සොරකම් කරන ලද පාපැදි 7 ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර සැකකරුවන් විසින් විවිධ ස්ථාන වලින් පාපැදි සොරාගෙන කොටස් කර වෙනත් ස්ථානවලට විකිණීමේ ජාවාරමක නිරතව ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව කුගන්නගර් හා යාපනය පූදූර් යන ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 25 සහ 29 යන වයස්හි පසුවන අතර ඔවුන් අද (29) දින වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතයි පරික්ෂණ සිදුකරන වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

වව්නියාවේ පා පැදි සොරකම් කළ දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site