(බී.ජී.චතුරංග,උපුල් හේරත් සහ දයාරත්න ඇඹෝගම)
ටිපර් රථයක ගමන් මඟ හරස් කර, එහි ගමන් කළ පියාට පහර දී, සිය 13 හැවිරිදි පුත්‍රයාට රබර් උණ්ඩ සහිත අවියකින් වෙඩි තැබූ වන සංරක්ෂණ නිලධාරියකු අත්අඩංගුවට ගෙන නොච්චියාගම පොලිසියට බාර දුන් බව රාජාංගනය පොලිසිය පවසයි.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර සහයක ලෙස සේවයේ නියුතු නොච්චියාගම, රඹවැව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි.
පියකු සහ පුතකු ටිපර් රථයකින් වැලි පටවා ගෙන ඒම සඳහා නොච්චියාගම කටුපත්වැව, ගල්වල ප්‍රදේශයට ගොස්, ඇදිරි වැටීම නිසා ආපසු හැරී නැවත පැමිණෙමින් සිටියදී මෙම පහර දීම සහ වෙඩි තැබීම සිදුව ඇතැයි අනාවරණය වූ බව මෙහිදී පොලිසිය සදහන් කළේය.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ටිපර් රථය හරස් කර නවතා එහි දොර විවෘත කර යතුර රැගෙන රියෙන් බස්සවා තමාගේ කම්මුලට පහරදී, තුවක්කු බදකින් පිටට පහර දුන් අවස්ථාවේදී, දරුවා කෑ ගැසූ විට අනෙක් පුද්ගලයා තම දරුවාගේ හිසට වෙඩි තැබූ බවත් පියාගේ පැමිණිල්ලේ සඳහන්ව පොලීසිය කියයි.
හිසෙන් ලේ ගලන තුවාල සහිතව සිටි පුත්‍රයා සහ වෙඩි තැබූ පුද්ගලයා ටිපර් රථයේම දමා ගෙන පැමිණ දරුවා රාජාංගනය රෝහලට ඇතුළත් කර පහරදුන් පුද්ගලයා රාජාංගනය පොලිසියට බාර දීමට දරුවාගේ පියා වන පැමිණිලිකරු ක්‍රියා කර ඇති බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැලි ගේන්න ගිය පියාට පහරදී 13 හැවිරිදි දරුවාට වෙඩි තියලා
fairoos Sunday, 19 June 2022 12:17 PM
එතකොට වැලි හොරෙන් අරන් ගිය අය අත්අඩංගුවට ගත්තේ නැද්ද?
uddikaMonday, 20 June 2022 10:35 AM
අන්න ඒක තමා වැඩේ. වැරැද්ද කරන්න හොදයි. ඇල්ලුවාම දෙයියන්ට වගේ සලකන්න ඔන. එකයි මෙයාල කියන්නෙ.