IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වලානෙන් හිටපු මන්ත්‍රී සේමසිංහගේ නිවෙස පරීක්ෂා කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන්  සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේරසිංහ මහතාගේ කොල්ලූපිටිය මල් පාර නිවස  සෝදිසියට ලක් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

රහසිගත තොරතුරකට අනුව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් පරීක්ෂකවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් එම නිවස වෙත ගොස් ඇත.

එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා නිවසේ නොසිටි අතර නිවස වසා දමා තිබී ඇතැයිද සේවකයකු පමණක් සිට ඇතැයිද දැනගන්නට ඇත.

නිවස පිහිටි භූමියේ පැරණි වාහන තුනක් තිබී ඇති අතර පැය 2 කට ආසන්න කාලයක් අවට සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර සේවකයාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇතැයිද වැඩිදුරටත් දැනගන්නට ඇත.

තමන් නිවසේ නොමැති අවස්ථාවේදී පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ යැයි පවසමින් කිසියම් පිරිසක් පැමිණ ඇති බවත් ඔවුන් සැබෑ ලෙසම පොලිස් නිලධාරීන් දැයි සොයා බලන ලෙස පවසමින් හිටපු මන්ත්‍රීවරයා කුරුඳුවත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලක් කොල්ලූපිටිය පොලිසියට යොමු කිරීමෙන් අනතුරුව කොල්ලූපිටිය පොලිසිය මගින් ඒ බව තහවුරු කරගෙන මන්ත්‍රීවරයා දැනුම් වත්කර ඇතැයිද වැඩිදුරටත් දැනගන්නට ඇත .

මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්ලුව මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසිය

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරින් ගොස් තිබෙන්නේ අධිකරණ සෝදිසි වරෙන්තුවක් මතයි. මන්ත්‍රීවරයා එවැනි පැමිණිල්ලක් කර තිබෙනවා 

 



අදහස් (12)

වලානෙන් හිටපු මන්ත්‍රී සේමසිංහගේ නිවෙස පරීක්ෂා කරයි

sugath Tuesday, 05 November 2024 01:21 AM

යහපාලනේ කාලේ කුමාර වෙල්ගමගේ මතුගම වත්තේ වාහන සඟවා ඇතැයි කියමින් ජවුසමක් නැටුවා. අන්තිමට අඩුම තරමින් හංගපු බයිසිකලයක්වත් එතැන තිබුනේ නැහැ. දැන් මෙයාලා කරන්නෙත් විරුද්ධ මත දරන මිනිස්සු බයකරන්න. බොරුවටත් ගෙවල් පරීක්ෂා කරන්න පොලිසිය යවනවා වගේ වැඩක්. අන්තිමට මේවා විහිළු වෙනවා. ඇත්තටම හොරු නම් එයා මොකා වුණත් නීතිය හමුවට ගෙනෙන්න ඕනෑ. එකට එකෙන්ම අපි එකඟයි...

:       0       0

Lalla Tuesday, 05 November 2024 07:45 AM

පුද්ගලික පලිගැනීම් සහ මැතිවරණය අභියස බලයේ සිටින පක්‍ෂ අපහසුතාවට පත්කරන ක්‍රියා. මෙවැනි ලනු කීයක් පොලිසිය ගිල්ලද කියල පසුගිය දවස්වල පොලිසියම කියල තිබුන නොවේද? හංගපු වාහන ගැන එහෙම....

:       52       16

ලයන් Tuesday, 05 November 2024 07:57 AM

බනානා සුජි හදල තියෙන හන්තානෙ නිවස ගැනත් පරික්ෂා කරන්න, පරිසර නීති වලට විරුද්දව දේශපාලන බලය යොදා මෙම නිවස හැදූ බවටයි තොරතුරු ඇත්තෙ

:       32       30

වික්‍රම විදුර Tuesday, 05 November 2024 08:10 AM

දැන් ඕවට ඡන්දෙ දෙන්නේ නෑ . පව් ඉතිං මේගොල්ලෝ .. දන්න එකම සාත්තරේ නේ

:       14       37

කසුන් Tuesday, 05 November 2024 08:17 AM

දැන් ඔය කියන ඒව තිබුනද? හොරු අල්ලනව කිව්වට අනේ මන්ද.

:       17       22

සක්‍යපාල Tuesday, 05 November 2024 08:25 AM

බලදාරිනි මේවා පරික්ෂා කරන්න

:       12       5

David Tuesday, 05 November 2024 09:42 AM

ඔන්න රවී සහ ශානි දෙපලගේ වැඩ කිඩ. කෙහෙල් ගෙඩිද හෙව්වේ? ලැජ්ජ නැති වැඩ කරලා රට්ටු හිනස්සන්නෙ නැතුව ඔය ගොන් බාන ලිහල දාපල්ලා.

:       28       35

බැදුම්කරේTuesday, 05 November 2024 01:50 PM

මේ උපාසක අප්පුගේ ඇගෙ සුදු හුණු ගාන්නද හදන්නේ, කෙහෙල් ගෙඩියේ සිල් ගහලා බෙදපු පොරක් මේ, අර්ජුන් ඇලොසිස්ගෙන් සල්ලි ගත්ත පොරක් මේ , ඒ විතරක්ද බැදුම්කර වංචාව නොවුන කියල පොත් ගහපු කෙනෙක් මේ

:       1       1

සත්‍යපාලTuesday, 05 November 2024 01:51 PM

ඩේවිඩ් ගෙ මෙලේ තමයි මොලේ

:       1       1

රම්සිTuesday, 05 November 2024 07:03 PM

David ගොයියෝ., හොරු අල්ලන්නේ එහෙම තමයි. දාහක් චෙක්කළාම එකෙක් අහුවුණත් ඇති. ඔයා කියන විදියට වන්ෂොට් වැඩ වෙන්නේ පිචර්වල විතරයි.

:       1       1

Gon Tuesday, 05 November 2024 11:02 AM

මුන්ගේ හැම ගේම බලන්න ඕන

:       0       0

බැඳ්‍රම්කර හොරු රකිමු. Tuesday, 05 November 2024 02:26 PM

කලබල වෙන්න එපා. මෙයාගෙත් තියෙනවා රට පුරා මන්දිර හෝටල පොලීසිය කියපු එකද සුජීව කියපු එකමද කවුද දන්නේ. මොනව උනත් මේක නිකන්ම කරපු දෙයක් වෙන්න බැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site