(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ කල්තොට ප්‍රදේශයේ දී වලවේ ගඟේ ගිලි පුද්ගලයකු අද (25) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කුරැවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවැසීය.
මොහු තවත් පිරිසක් සමඟ වන්දනා චාරිකාවක පැමිණ කල්තොට ප්‍රදේශයේ වලවේ ගඟේ දිය නෑමට ගොස් මෙලෙස දියේ ගිලි මියගොස් ඇත.
සිද්ධිය සම්බන්දයෙන් කල්තොට පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
COMMENTS
කුරුවිට මිනිස්සු තමන්ගෙ ගෙදර ළගම කලුගග (කලු ගගේ අතු ගග කුරුගග) තියෙද්දි කූරගල හා බුදුගල වන්දනාවෙන් පස්සෙ වළවේ ගගේ නාන්න ගිහිල්ලා නේද මරණය වෙලා තියෙන්නෙ ඇත්තටම ලංකාවෙ මිනිස්සු හරියට කාන්තාරයක සිට ඇවිල්ලා වගේ වතුර ටිකක් දැක්කම ගංගා දෙගොඩතලා ගියත් නාන්න යනවා මේ වැහි කාලයේ කොයි වෙලාවෙ වතුර වැඩිවෙයිද කියලා හිතන්න අමාරුයි ප්‍රවේශම් නොවුනොත් අනතුරේ තමයි