
(රෝෂන් තුෂාර)
විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් 27660000.00ක් වංචා කළේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් තවත් සිටී නම් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය රහස් පොලිසියට අද(09) නියෝග කළාය .
අදාළ සිද්ධියට හිටපු ජනාධිපතිවරයකුගේ දියණියකගේ ආරක්ෂකයා සම්බන්ධ බවත්,රටම දන්නා ඔහු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය කටයුතු නොකරන බවට විත්තිකරු වෙනුවෙන් පෙනී සිටී නීතිඥ හරිස්ක සමරනායක මහතා කළ කරුණු දැක්වීම් වලින් පසුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
රේගුවේ තිබෙන සුඛෝපභෝගී වාහන අටක ඡායාරූප පෙන්වා රුපියල් දෙකෝටි හැත්ත හය ලක්ෂ හැටදාහක් වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පදිංචි ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයෙකුට එරෙහිව 2023 වසරේ පවරා තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේදී මෙසේ නියෝග කළාය.
ඇප මත සිටින ගුණසිරිලාල් නැමැති සැකකරු අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව විත්ති වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා හරිස්ක සමරනායක මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවා දායකයා මිතුරකුගේ මාර්ගයෙන් මෙම සිද්ධියට සම්බන්ධ වී ඇති බවය.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් විය යුත්තේ හිටපු ජනාධිපතිවරයාගේ දියණියගේ ආරක්ෂකයා බවත්, ඔහු මෙම සිද්ධියට සම්බන්ධ බවට හොඳාකාරවම තොරතුරු තිබියදී හෙතෙම අත්අඩංගුවට ගැනීම සිදු නොකරන්නේ කුමක් නිසාදැයි නීතිඥයා ප්‍රශ්න කළේය.
2025 නොවැම්බර් මස 04
382
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වරායේ වාහන පෙන්නා කළ වංචාවට හිටපු ප්‍රභූ ආරක්ෂකයා අල්ලන්න
Dananjaya Thursday, 09 January 2025 06:06 PM
ඔය අහුවෙන්නෙ හොරු
විජිත් Thursday, 09 January 2025 08:17 PM
ඔය කියන විදිහට ...මේ ආරක්ෂකයා එක්කෝ පතෝල සිරාගේ පොත් ලියපු එකීගේ සෙකියුරටි කුක්කා එහෙම නැත්නම් මල් වට්ටි නොහොත් ශත පහගේ හොර සල්ලි ගහපු එකීගේ සෙකියුරටි කුක්කා .ඇත්තටම මේකිලා දෙන්නත් පට්ට පාතාල එකීලා.
Manjula Friday, 10 January 2025 10:19 AM
ඔය අහුවෙන්නෙ හොරු