(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ උසස් නිලධාරීන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබියදී පෙනී නොසිටීම සම්බන්ධයෙන් එම කාරක සභාව ඒ නිලධාරීන්ට දැඩි ලෙස අප්‍රසාදය පළ කර ඇත.
කොමිෂන් සභාවේ නිලධාරීන් වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු බව කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී ඒ නිලධාරීන්ට දැනුම් දුන්නේය.
කොමිෂන් සභාවේ නිලධාරීන්ට පසුගිය දෙසැම්බර් මස 21 වෙනිදා රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබිණ.
කාරක සභාව හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් සාධාරණ පැහැදිලි කිරිමක් ලිඛිතව ඉදිරිපත් කරන ලෙසටද රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති වරයා එම කොමිෂන් සභාවේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සඳහා නිල වෙබ් අඩවියක් නැතැයිද මෙහිදී තොරතුරු අනාවරණය විය.
එසේම විගණන වාර්තා පාර්ලිමේන්තුවට ලබාදීමේ ප්‍රමාදය පිළිබඳවද කමිටුව කොමිෂන් සභාවෙන් ප්‍රශ්න කළේය.
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ ඉදිරිපත් කර තිබූ රෙගුලාසි,ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේ දී පසුගියදා (05) වැනිදා සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු අනාවරණයවිය
ආයෝජන උත්පාදනය සඳහා වරාය නගර ව්‍යාපෘතියේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාව මෙතෙක් කර ඇති කාර්යයන් සතුටුදායක මට්ටක නොමැති බවද සඳහන් කළේය.
මෙවැනි ව්‍යාපෘති හසුරුවන වෘත්තිකයන් වඩා වගකීම් සහගතබවකින් ක්‍රියාත්මක විය යුතු බවද මෙහිදී කමිටුව එහි නිලධාරීන්ට පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව මගින් සිදුකරනු ලබන ලියාපදිංචි කටයුතු සහ අයදුම් කිරීමේ කටයුතු අන්තර්ජාලය හරහා සිදුකිරීමට නිසි මාර්ගගත (ඔන්ලයින්) වැඩපිළිවෙලක් හෝ වෙබ් අඩවියක් නොතිබුණේ මන්දැයි කාරක සභාව මෙහිදී විමසුවේය. ඒ අනුව එම ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස කාරක සභාව කොමිෂන් සභා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කැසිනෝ ව්‍යාපාරය නියාමනය වැඩපිළිවෙලක් සකස් කිරීම සදහා අනුකමිටුවක් ස්ථාපනය කළ යුතු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපතිවරයා පැවසීය.
මේ අවස්ථාවට අමාත්‍ය නලින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන්වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, අනුප පැස්කුවල්, (ආචාර්ය) සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ සුමන්තිරන්, අනුර ප්‍රියදර්ශන යාපා, මයන්ත දිසානායක, ප්‍රේම්නාත් සී. දොලවත්ත, මධුර විතානගේ, මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ සුමිත් උඩුකුඹුර යන මහත්වරුද සහභාගිවූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වරාය නගරයේ ලොක්කන්ට මුදල් කමිටුවෙන් අවවාද