(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු අදියරේ ඉදිකිරීම් අවසන් කර එහි මෙහෙයුම් කටයුතු ලබන වසරේ ජූනි මස 1 වැනිදා අරඹන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රධානීහු බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවහමුවේ පැවසූහ.
එම කාරක සභාව එහි සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය. මේ අතර සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා පෞද්ගලික සමාගමට ඇමරිකානු ඩොලර් එක් කෝටි අසූ ලක්ෂයක ශුද්ධ ලාභයක් උපයා ඇතැයිද එම කමිටුවේදී සඳහන්විය.
රට ඇතුළත භාණ්ඩ ප්‍රවාහනය මුහුදු මාර්ගයෙන් කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස කමිටුව අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.
ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත, 2022 වර්ෂය සඳහා සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා වරාය ,නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව සලකා බැලීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ හා සීමා සහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ( ශ්‍රී ලංකා )( පෞද්ගලික )සමාගමේ නිලධාරීහු එම කමිටුව හමුවට කැඳවනු ලැබ සිටියහ.
ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරී (සංශෝධන) පනත් කෙටුම්පතටද කාරක සභාවේ අනුමැතිය මෙහිදී හිමිවිය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
වරාය නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන ජුනි මාසයේදී