
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික සෙබලියන් දෙදෙනෙකුගේ ජංගම දුරකථන වලට අසභ්‍ය වීඩියෝ පට යොමු කර ලිංගික හිංසන සිදු කිරීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු නාවික සෙබළෙකුට වසර පහකට අත්හිට වූ මාස හයක සිර දඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියම කළාය.
නාවික හමුදාවේ හිටපු සෙබළෙකු වන සුරේෂ් ලක්මාල් වික්‍රමසේකර නමැති පුද්ගලයකුට මෙසේ සිරදඬුවම් නියම කළ මහේස්ත්‍රාත්වරිය අගතියට පත් සෙබලියන් දෙදෙනාට රුපියල් 50000 බැගින් වන්දි ගෙවන ලෙසට නියෝග කළාය.
අසභ්‍ය වීඩියෝ පට සිය ජංගම දුරකථනයේ ගබඩාකර තබා ගැනීම, එම වීඩියෝ පට ප්‍රචාරය කිරීම, එමගින් ලිංගික හිංසනයන් සිදු කිරීම ඇතුළු චෝදනා තුනක් යටතේ රහස් පොලිසිය මගින් මෙම පැමිණිල්ල ගොනුකර තිබිණි.
දෙවන හා තෙවන චෝදනාවන්ට රුපියල් 2500 බැගින් දඩ නියම කළ මහේස්ත්‍රාත්වරි එම දඩ මුදල් නොගෙවන්නේ නම් වසර එක බැගින් සිර දඬුවම් ලබා දෙන ලෙසටද නියෝග කළාය.
නාවික හමුදාවේ ලුතිනන්වරියක් හා බලනැවි තනතුර දරන කාන්තාවක් අපරාධ පරීක්‍ෂණදෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කරන ලද පැමිණිලි දෙකක් අනුව මෙම නඩු පවරා තිබුණි.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වරඳපිළිගත් හිටපු නාවික සෙබළාට මාස හයක අත්හිටවූ සිරදඬුවමක්