IMG-LOGO

ව්‍යාජ ලේඛණ සකස් කළ කෝටියක වාහන ගම්පහින් අල්ලයි

(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

වාහනවල චැසි අංක සහ එන්ජින් අංක ව්‍යාජ ලෙස සකස් කර අළෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කළ පුද්ගලයන් තිදෙනෙක් සමඟ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් වාහන හතරක් කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

වැලිවේරිය, මිනුවන්ගොඩ සහ මාකවිට යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 54 සහ 58 පසු වන පුද්ගලයන් තිදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටින බවත් ඔවුන් සන්තකයේ තිබී කාර් රථයක්, ලොරි රථයක් සහ ත්‍රීරෝද රථ දෙකක් අත්අඩංගුවට පත්ව ඇති බවත් පොලිය සඳහන් කරයි.

මෙම සැකකරුවන් කල්බදු වාරික ගෙවීමට අපොහොසත් වන වාහන අඩු මිලට ලබාගෙන ලීසිං සමාගම් විනාශ කරන වාහනවල ලියාපදිංචි සහතික යොදාගෙන චැසි අංක, එන්ජින් අංක සහ ලියාපදිංචි සහතික ව්‍යාජ ලෙස සකස් කර ජාවාරම ක්‍රියාත්මක කර ඇති බවත් මේ ආකාරයට වාහන විශාල සංඛ්‍යාවක් අළෙවි කර ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් තිදෙනා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිසිය වැඩි දුරටත් කීය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාට ලැබුණු තොරතුරත් මත එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීන් වන හෙට්ටිආරච්චි සහ අනුරංග යන මහත්වරුන්ගේ උපදෙස් මත එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඇන්සලම් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායම මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේය. 



අදහස් (0)

ව්‍යාජ ලේඛණ සකස් කළ කෝටියක වාහන ගම්පහින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site