(නිමල කොඩිතුවක්කු)
ෆෙඩරල් බලයට යටවූ අගමැතිවරයෙක් පත් කරගන්නා ගමන්ම විපක්ෂ නායක තනතුරත් ෆෙඩරල් වාදය යටතේම තියාගැනීම දෙමළ ජාතික සන්ධානයේ අරමුණ වී ඇතැයි යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා කොළඹදි අද (2) පැවැසීය.
පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම ෆෙඩරල්වාදී, බෙදුම්වාදී ඉල්ලිමේ රූකඩයක් බවට පත්කර තම අවශ්‍යතා ඉටු කරගැනීම දෙමළ ජාතික සන්ධානය ඇතුළු පිරිස්වල අරමුණ බවත් කුමාරතුංග මහතා සඳහන් කළේය.
යුතුකම ජාතික සංවිධානය තුම්මුල්ල සම්බුද්ධ ජයන්ති මන්දිරයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ගෙවිදු කුමාරතුංග මහතා මෙසේද කීය.
‘‘එක්සත් ජාතික පෙරමුණේ අයෙකුට අගමැතිධුරය ලබා දෙන ලෙසට දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රිවරුන් 14ක අත්සන් සහිතව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණ පුන පුනා කියනවා ඒ අයට බහුතරය තියෙනවා කියලා. බහුතරය තියෙනවා නම් ඇයි මේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් ජනාධිපතිවරයාට ලිපියක් බාර දුන්නේ කියලා අපි අහනවා.
මේ ව්‍යාකූල 19 වැනි ආණ්ඩුක‍්‍රම සංශෝධනය නිසා අවුරුදු හතරහමාරක් යනකම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය යම් හෙයකින් තීරණය කලොත් සිද්ධ වෙන එකම කාරණය තමයි ආණ්ඩුවක් නැති තත්වයකට මේ රට පත්වීමයි. මේකට මේ රටේ ජනතාව ඉඩදිය යුතුද යන්න කියන එක තමයි අද අප හමුවේ තියෙන ප‍්‍රශ්නය.
දෙමළ ජාතික සන්ධානය් මේ ගැටලූව විසදන්න හදන්නේ තමන් එක්සත් ජාතික පක්ෂයේ අයකුට අගමැතිධුරය දෙනවට එකඟයි කියලා. ඔක්තෝබර් 26 වැනි දා පෙර තත්වයකට යන්න කියලා ඔවුන් එම ලිපියෙන් යෝජනා කරනවා.
ඔක්තෝබර් 26 වැනි දාට පෙර තිබුණේ සම්මුතිවාදී ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ පාර්ශවකරුවකු වන එක්සත් ජනතා සන්ධානය එම ආණ්ඩුවෙන් ඉවත් වුණා. ඒ නිසා කාටවත් බැහැ රට ඔක්තොබර් 26 ට පෙර පැවති තත්වයට යන්න.
ෆෙඩරල් වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හදන්න එක්සත් ජාතික පක්ෂය සහ ජාතික හෙළ උරුමය එකඟද කියළා අපි දන්නේ නැහැ.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘විපක්ෂ නායක ධූරයත් ෆෙඩරල් වාදය යටතතේම තියා ගැනීම අරමුණයි’