( ජයරත්න වික්‍රමාරච්චි)
කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය කළ පිංකම් මාලාවක එක්දිනක රාත්‍රී පැවැති මල්බඳුන් වෙන්දේසියට ඉදිරිපත් කළ මල්බඳුන රුපියල් හත්ලක්ෂ දසදහසක මුදලකට වෙන්දේසි වී තිබේ.
එම විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත මූණමල්ගස්වැව අනුරුද්ධ හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව මෙම පිංකම් මාලාව සංවිධානයකර ඇත.
ඒ අනුව ඉකුත් 27 හා 28 දෙදින රාත්‍රී මෙම පිංකම් මාලාව පවත්වා ඇති අතර එහි අවසාන දිනය වූ 28 දා රාත්‍රී පැවැති මල්බඳුන් වෙන්දේසියට ඉදිරිපත් කළ මල්බඳුන (මල්වට්ටිය) මෙසේ වාර්තාගත මුදලකට වෙන්දේසි වූ බව විහාරාධිපති රාජකීය පණ්ඩිත මූණමල්ගස්වැවේ අනුරුද්ධ හිමියෝ පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල් වට්ටියක් වෙන්දේසියක් පන්සලේ ලොකු පින්කමක් බුදුහිමියනේ ඔබ පුදන්නට ගමේ දෙපිළක තරගයක්
මේ ගැන කිසිවෙක් තැවෙන්නට අවශ්‍ය නැත. පිං කැමති කෙනෙක් විහාරස්ථානයේ අභිවෘද්ධිය පිනිස මුදල් පරිත්‍යාග කර ඇත. ඔහුට ඉන් කුසල් හිමි වේ.
කිසිවකු නොතැවේ... සිත සතුට ඇතිවේ...!
කන්න දෙයක් නැතිව සීනි දිය කර බොන අහිංසක දරුවන් ඉන්නා මේ රටේ සෝබනයට මල්වට්ටියකට ලක්ෂ ගණන් වියදම් කරනා පිරිස් ද ඇත. මේ පෙන්වන්නේ සමාජ විෂමතාවයි. සමාජ අසාධාරණයයි. මේ හොරුන්ගේ වත්කම් රජයට පවරාගෙන දිළිඳු දරුවන් උදෙසා හොඳ ආහාර වේලක් දිය යුතුයි.
ගුණරත්න මහතා වැරදි වැටහීමකින් අදහස් දක්වා ඇති බව පෙනේ .මූණමල්ගස්වැව ගොවිතැනින් ජීවනෝපාය සරි කර ගන්නා සියලු දෙනාම එකම ඥාති පරපුරකට අයත් ආගම දහමට ලැදි දායක දායිකාවන්ගෙන් සැදුම් ලත් ගමකි.රාජ්‍ය සේවයේ නිරත වන්නන් සියයට 10 කටත් අඩුය.එයත් සිවිල් ආරක්ෂක සේවායේය. පසු ගිය අවුරුදු කීපයේම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු නොකෙරුණු නිසා විහාර මන්දිරය හදන්න. හැමෝම තීරණය කළා.ඒඅනුව කෙසේ හෝ ඉතිරි කර ගත්ත මුදලක් විහාරය ගොඩ නැගීමට පූජා කළා මිසක් හොර මැර කම් කර උපයා ගත් ශතයක් වත් මෙතන නැත.මගේ දායකයින් මට විශ්වාසයි. ඔවුන් ද මා ගැන තියෙන්නාවූ විශ්වාසයටයි මේ පරිත්‍යාගය කළේ.අපි වසර 15 ක් ඇතුළත විහාර මන්දිරය හැර අනෙක් සියලු විහාරාංග ගොග නැගුවෙමු.
හරියට දැනගෙන ඕන යමක් කියන්න...