
(අංජුල මහික වීරරත්න)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව රජයේ ස්ථාවරය යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජිතයන් හමුවේ පැවැසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව කී ජනාධිපතිවරයා එහෙත් මෙම අවස්ථාවේ කඩිමුඩියේ ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයකට වඩා අවශ්‍ය වන්නේ නව ජනතා සම්මුතියක් ඇති කර ගැනීම බව පෙන්වා දුන්නේය.
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ හයක් එක්ව පිහිටුවා ගත් එකමුතුවේ නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද(3)පැවැත්වුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව කීය.
මෙහිදී එම නියෝජිතයින් විසින් පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු, උතුරු සහ නැගෙනහිර පළාත් වල මෙන්ම මලෛයගම් ප්‍රජාව මුහුණ දී ඇති ඉඩම් ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.
පළාත් සභා මැතිවරණය පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර එම මැතිවරණය පැවැත්වීම සම්බන්ධව තේරීම් කාරක සභාවක් පත් කර තිබෙන බවත්, මතුව ඇති ගැටලු පිළිබඳ ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
වත්මන් රජයේ මැතිවරණ ප්රකාශනයේ ඇතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාව කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මහ ලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා පෙන්වා දුන්නේ එම කාර්යය හදිසියේ කළ හැක්කක් නොවන බවත්, විවිධ ජන කොටස් අතර තිබෙන ගැටලු විසඳාගත හැකි සමාජ විමසුමක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් බවත්ය.
එය 1972 සහ 1978 හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් මෙන් එක් පාර්ශ්වයක් විසින් හඳුන්වා දෙනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවිය යුතු බවද සුමන්තිරන් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධායක ජනාධිපති ක්‍රමය බෞද්ධයන්ට අවශ්‍ය දෙයක් ,ඕකට විරුද්ධ සුළු ජාතීන් ඔවුන්ට තමයි මේකෙන් අවාසි ,, ඉස්සර අපේ රටේ තිබුණු රජ ක්‍රමය වෙනස් කලෙත් ඔය සුළු ජාතීන් එකතු වෙලා අපේ රටේ ඉතිහාසය වෙනස් කළා අන්තිමට මොකද උනේ මුළු ලොකයටම ණය වෙලා සිංහල ජාතිය අනූන්ගෙ ගෙවල් වල වලන් හොදන තැනටම පත් කළා,, මගේ අදහස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුයි,,
2026 අගෝස්තු 3 දින ප.ව. 6:08ට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර (විකිපීඩියා: දෙල්ගහවත්ත හර්ෂණ නානායක්කාර) ඥාතීන්: යසපාලිත නානායක්කාර (පියා) වාසුදේව නානායක්කාර (මාමා) හේමකුමාර නානායක්කාර (මාමා) (මාමා) සහෝදරයා, රජීව ද නළුවෙකි) කොළඹ ඉසිපතන විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකි. කැපී පෙනෙන අදහස් "විනිසුරුවරුන්ට පඩි ගන්නට හෝ නීතිඥයන්ට මුදල් ඉපයීමට උසාවි ඇත්තේ නිකම්ම නොවේ." (උසාවි තියෙන්නේ නඩු කාරයින්ට පඩි ගන්නයි, බොහෝ අයට හම්බ කරන්නයි නෙවෙයි) මෙයට පෙර, ඔහු මෙසේද උපුටා දක්වා ඇත (2018 පමණ): "දේශපාලකයන් වැසිකිලි කඩදාසි මෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භාවිතා කරයි" "අපේ දේශපාලන සංස්කෘතිය පෙරනිමි මාදිලියේ" චිත්‍රපට ඔහු චිත්‍රපට 5ක රඟපා ඇත. 1977 වයස ආදර කතාව 1981 ගීතිකා 1991 සිහින අහසේ වසන්ත (සහාය අධ්‍යක්ෂක) 1993 යසස 1995 චෙරියෝ කැප්ටන් "තුන්තුන්" 2001 දිනුම කාගෙද
විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හඳුන්වා දුන් ජනාධිපති J R ජයවර්ධන මැතිතුමා ඉන් බලාපොරොත්තුවූ කිසිදු යහපත් ප්‍රතිඵලයක්, එතුමාගෙන් පසුව බලයට පැමිණි කිසිම ජනාධිපතිවරයෙක් වත් ඉදිරියට ගෙන යාමට අපොහොසත්වීම නිසා, එම ක්‍රමය ජනතාවට වහකදුරු විය. ඉන් ප්‍රයෝජන ගත් " ජනාධිපති අපේක්ෂකයන් " මැතිවරණ වෙදිකාවන් දෙදරවමින් බෙරිහන් දුන්නේ ඔවුන් බලයට පැමිණි විගස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට පූර්ණ විධායක බලතල පවරන බවයි. එහෙව් ජනාධිපතිවරු කීයක් ආවාද, ගියාද, රාත්‍රී කාලයේ වැටට උඩින් පැන, රටිනුත් පැනගියාද කියා දන්නො දනිති. මෙවර වත් AKD ජනාධිපතිවරයා ප්රමුඛ මාළිමා රජය, එතුමාගෙ ප්රතිංඤාව, යථාර්ථයක් කරාවි යයි ජනතාව ඉමහත් බලාපොරොත්තු තබා ගෙන සිටී.