
(ජයරත්න වික්‍රමාරච්චි)
මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ දී විදුලිය සැර වැදීමකින් අඹු සැමි යුවළක් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.
මෙම අනතුර 28 වැනිදා රාත්‍රීයේ දී සිදුවී ඇති බවත් එහිදී මිය ගොස් ඇත්තේ සමරසිංහ ආරච්චිගේ ස්ටැන්ලි තිලකරත්න (අවු:55) සහ චන්ද්‍රිකා මල්කාන්ති (අවු:52) නම් වූ යුවළ බවත් පොලීසිය පවසයි.
මිය ගිය දෙදෙනා විසින් තමන් පදිංචි නිවස ආසන්නයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් එම ව්‍යාපාරික ස්ථානයට විදුලිය සම්පාදනය කර ගෙන තිබූ බව කියන වයරයක දෝෂයක් නිරවුල් කිරීමට ගිය සැමියාට එහිදී විදුලියසැර වැදී ඇති බවට බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසයි.
එහිදී සැමියා බේරා ගැනීමට ගිය බිරිඳ ද ඊට බිලි වී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
පසුව අවට පදිංචිකරුවන් විසින් දෙදෙනාවම මුන්දලම දිසා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් ඔවුන් දෙදෙනා මිය ගොස් සිට ඇති බවත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ නිවෙස්වල ට්‍රිප් ස්විච් නැද්ද? ලෝබකමට ඉතිරිලා මිනීපෙට්ටියට ඊට වැඩිය වියදම් කරනවා.