(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලිය බිල ජනවාරියේ අනිවාර්යෙන්ම වැඩි කළ යුතු බවත් එසේ වැඩි නොකරන්නේ නම් අඳුරු යුගයකට යෑමට සිදුවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විදුලිය ගාස්තු සංශෝධනය නතර කළ හැක්කේ අනිවාර්යෙන්ම පැය හයක අටක විදුලි කප්පාදුවකට යෑමෙන් පමණක් බව පැවසූ අමාත්‍යවරයා විදුලිය බිල ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ සිට සංශෝධනය කළ යුතු බවද සඳහන් කළේය.
විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 56.90ක් වැය වන බවට උපකල්පනය කර ඇති බවත් විදුලිය බල මණ්ඩලය ඉල්ලූ සංශෝධනවලට මහජන උපයෝගීතා කොමිසම පසුගිය කාලයේදී අනුමැතිය ලබා නොදුන් බවත් ඔහු පැවසුවේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විදුලිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
කංචන විජේසේකර මහතා මෙසේද සඳහන් කළේය.
විදුලිය ගාස්තු සංශෝධනය කරන්නේ පසුගිය පාඩු පියවන්න නොවෙයි. රුපියල් කෝටි 42,300ක් විදුලිබල මණ්ඩලයට ලැබෙන්න ඕන. ඉන්ධන ටික ගන්න දැවි තෙල් ටික ගන්න ඒ මුදල ලැබෙන්නේ නැත්තම් මණ්ඩලය පවත්වාගෙන යන්න බැහැ. ඒකයි විදුලිය ගාස්තු සංශෝධනය කරන්නෙ. අද කාටත් අමාරු බව පිළිගන්නවා.
පෞද්ගලික බලාගාර වලට රුපියල් කෝටි හත්දහසක් ගෙවන්න තියෙනවා. ඒ වගේම පෞද්ගලික සැපයුම්කරුවන්ට කෝටි හාරදහසක් ගෙවන්න තියෙනවා.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුලි බිල වැඩි නොකළ හොත් රටම අඳුරේ
සත්‍ය ගවේෂී. Tuesday, 06 December 2022 11:10 AM
මරේ මරු ජනතා හිතවාදී ඇමතිවරු තමයි අපට ඉන්නේ. මේ විදිහට පිට පිට ලයිට් බිල ඉහළ දමන්න නම් ඇමතිවරුන් මොන කෙහෙල්මලකටද? පඩි නඩි ඇතුළු සියලු වරප්‍රසාද රටේ ජනතාවගෙන් ලබාගෙන ඒ ජනතාවටම විනේ කටින මෙවන් අය තව දුරටත් මේ රටේ ඇමති වරුන් ලෙස පිළිගැනීමට පුලුවන්ද ?
Jayarathna Tuesday, 06 December 2022 11:43 AM
විදුලි බිල වැඩි කළා කියලා ඩොලර් හම්බෙන්නේ නැහැ නේද? රුපියල් වලින් තෙල් ගෙන්නන්නත් බැහැනෙ. වැඩි කරන සල්ලි වලින් වෙනත් කාරණා පිරිමසා ගන්න කරන උත්සාහයක් වගෙයි.
sirilTuesday, 06 December 2022 12:40 PM
මෙයා රජපක්ශ කම්පනි එකේ හොද සාමාජිකයෙක්.. ඉස්සරහට චන්ද වල ට මොඩ මිනිස්සු දක්කන්න සල්ලිත් එපැයි.
Senarath Tuesday, 06 December 2022 11:57 AM
මෙයා මරු ඇමතියෙක්නෙ, ඔය විදියට අමාත්‍යංශය පවත්වගෙන යන්න මොකටද ඇමතියෙක් ? සාමාන්‍ය ලිපිකරුවෙකුටත් ඔකම කරන්න පුලුවන්. මේ එකෙවත් කතාකරන්නෙ නැහැනෙ සුර්ය බලයෙන් විදලිය නිපදවීම ගැන. හිරු එලිය හොදින් ලැබෙන දිස්ට්ත්‍රිරික්ක වල සුර්ය පැනල වහල මත සවිකරල අඩුවට විදුලිය දෙන්න පුලුවන්. රජය මැදිහත්වෙලා පිටරටක් සමග කතකරල හොද ප්‍රමිතියෙන් යුතු සුර්ය පැනල ගෙන්වල සදාරන මිලකට දෙනවනම්, විදුලියෙ ප්‍රශ්නය විසදන්න පුලුවන්.
Senerath Tuesday, 06 December 2022 11:58 AM
කාංචන ඔය ඇමතිකම පුංචි එකෙකුට දීපන්.යස අගේට කරාවි
naleen Tuesday, 06 December 2022 12:07 PM
ආයතනයේ උන් ගේ හොර නැවැත්වීම වෙනුවට හොරාකන ප්‍රමාණයත් ජනතාවගෙන් අයකරගැනීම . දුෂිත ආයතන වලින් ලාබ ඉපයීමට ලෝකයට නව සංකල්පයක්
sharm warn Tuesday, 06 December 2022 12:43 PM
මෙක මාර කතාවක් නෙ. . හැමදාම විදුලි බිල් ඉහල දාන්නෙ මෙ පරන රෙකොඩ් එක ගහල.. හැබැයි කවදාවත් බිල් නග්ගල මණ්ඩලේ ලාභ ලැබුවෙ නම් නෑ. . ඇයි එ? අනිත් එක, කැබිනට් එකෙන් බාගයක් විතර බිල් ගෙවල නෑ. . මන්ත්‍රිල තොගයක් තඩි පොලු තියල කියල වාර්තා පිට වාර්තා එනව.. හැබැයි එව එකතු කර ගත්ත වගක් නම් අහන්න ලැබෙන්නෙ නෑ.. එහෙම වෙන්නෙ කොහොමද?
fairoos Tuesday, 06 December 2022 01:29 PM
කෝ අපේ බයි සෙට් එක? කංචන වගේ වැඩකරන ඇමතිලා ඕනි කිව්ව නේද? දැන් සැපද?
de silva Tuesday, 06 December 2022 02:06 PM
සූර්ය පැනල ගෙවන්න මේයාලට කිසිම උනන්දුවක් නැහැ එහෙම කළොත් තෙල්, ගල්අඟුරු සහ පෞද්ගලික බලාගාරවලින් මෙයාලට කොමිස් ගහන්න බැරිවෙනවනේ.
රුවන් Tuesday, 06 December 2022 02:08 PM
විදුලි බිල වැඩි කරයින් පසු වර්ෂාව නැති උනොත් දිගටම විදුලිය අපට ලැබෙයිද?
ධනුෂ්ක Tuesday, 06 December 2022 02:16 PM
ඔව් නැත්තන් විකුණගන්න බැරි වෙයි